ශ්‍රී ලංකා – නවසීලන්ත ඓතිහාසික ක්‍රිකට් සබඳතාවයට වසර 100යි - යාළුකම සමරන්න තරගාවලියක්
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති ඓතිහාසික ක්‍රිකට් සබඳතාවයට වසර 100ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් විශේෂ සැමරුම් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව මෙම විශේෂ තරගාවලිය ලබන 2027 වසරේ ජනවාරි මාසයේදී නවසීලන්තයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් ඩේවිඩ් පයින් මහතා ප්‍රකාශ කළේය.
අස්වැසුම අයදුම්කරුවන්ට හා අස්වැසුම මුදල් නොලැබුණු ජනතාවට - සැප්තැම්බර් මස මුල් සතියේ සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී
ඔහු මේ බව සඳහන් කළේ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අද (31) හමුවූ අවස්ථාවේදීය.
මෙම ඓතිහාසික ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහාත්, එම විශේෂ සැමරුම් අවස්ථාවට එක්වීම සඳහාත් නවසීලන්ත මහකොමසාරිස්වරයා විසින් අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා වෙත මෙහිදී නිල වශයෙන් ඇරයුම් පත්‍රය භාරදෙන ලදී.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ප්‍රථම ඓතිහාසික ක්‍රිකට් තරගය 1937 ඔක්තෝබර් 17 වන දින පවත්වා ඇති අතර, එතැන් පටන් දෙරට අතර පවතින සුහදශීලී ක්‍රිකට් සබඳතාව සැමරීම මෙම තරගාවලියේ ප්‍රධාන අරමුණ වේ.