නිතරම දුක කළකිරීම රණ්ඩු සරුවල් මැද ගලාගෙන යන බැඳීමක් ඒක – මාෂි සිරිවර්ධන (PHOTOS)
මාෂි සිරිවර්ධන කියන්නේ ලංකාවේ ඉන්න යුවතියන්ගෙන් ඉතාමත්ම සුරූපි සුන්දර යුවතියක්.ඇය විවාහ වී සිටින්නේ අප කවුරුත් දන්නා තරුණ තරුණියන් අතර වැඩිපුරම ජනප්‍රිය වී සිටින ආදරණීය දක්ෂ කලාකරුවෙක් වන පුබුදු චතුරංග සමඟයි.
මේ වන විට ඉතාමත්ම සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන ඔවුන් සැබැවින් ම තරුණ පරපුරට ලබා දෙන්නේ මහත් වූ ආදර්ශයක්.ඉතින් පසුගියදා එක්වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඔවුන් දෙදෙනාගේ අලුත්ම සිනමා අත්දැකීම වන නිහඩ සෙවනැලි චිත්‍රපටයේ තොරතුරු පිළිබඳව අදහස් දැක්වූයේ මේ අයුරිනි.
“කොරෝනා වසංගතයත් එක්ක ගෙදර ඉන්න පුරුදු වෙලා දැන් ආයිමත් කාලයකට පසුව හැමෝටම අලුත් චිත්‍රපටයක් නරඹන්න අවස්ථාව ලැබිලා තියෙනව.
නිහඬ සෙවනැලි සිනමා නිර්මාණය එක පැත්තකින් හොරර් ගණයට අයත් අද්භූත චිත්‍රපටයක්. සමාජයට සොබා දහමට ආදරය කරන්න කියන පණිවුඩය ලබා දෙන ආදර්ශවත් සිනමා නිර්මාණයක්
. ඒ වගේම තාරුණ්‍යයේ විනෝදකාමී බව සහ සැහැල්ලුව හරිම ලස්සනට පෙන්වන චිත්‍රපටයක්. මට මේ චිත්‍රපටියෙ රඟපාන්න තියෙන්නේ පුබුදු අයියගේ වර්තමාන පෙම්වතියගේ චරිතය.නමුත් මේ චරිතය තුළ ඈට නිරන්තරයෙන්ම මතක් වෙන්නේ ඇයගේ කළින් පෙම්වතාගේ මතක. ඇයගේ පැරණි පෙම්වතාත් ඔහුගේ බිරිඳ සමඟ ඔවුන් සංවිධානය කරපු විනෝද ගමනකට එකතු වෙනවා
.ඉතිං ටිකක් ඉරිසියාව පිරුන චරිතයක් තමයි කරන්න තියෙන්නේ. මේ චිත්‍රපටයේ අපි දෙන්නා ඉන්නේ ඇත්ත ජීවිතයේ ඉන්න විදිහට නෙමෙයි. නිතරම රණ්ඩු වෙන, ඉරිසියාව, දුක, කලකිරීම්, ඝට්ටන සමඟ යන බැඳීමක් ඒක.මුලින්ම නම් පුබුදු අයියා එක්ක රඟපාන්න කිව්වම පොඩි බයක් දැනුණා. මොකද ඔහු සිනමාව ගැන හොඳ පළපුරුද්දක් තියෙන වෘත්තීය රංගන ශිල්පියෙක් නිසා.
එයා මට හොඳ සහයෝගයක් ලබා දුන්නා. ගොඩක් ආසාවෙන් කරපු නිර්මාණයක්. මේ සිනමා නිර්මාණයේ එක තැනකදී සිප වැලඳ ගැනීමක් තියෙනවා ඉතිං අපි දෙන්නම හිටිය නිසා තමයි ඒ අවස්ථාව අපෙන් ඇහුවේ.
ඉතින් අපි කැමති වුණා. වෙන කෙනෙක් හිටියා නම් ඒ කොටස කෙරෙන එකක් නැහැ. පුබුදු අයියා මගේ ගමනට ලොකු ශක්තියක් වෙලා තියෙනවා. ඉතින් මං හරි වාසනාවන්තයි ඒ වගේ පුද්ගලයෙක්ගේ බිරිඳ වීමට පුලුවන් වුන එක ගැන .”
යනුවෙන් තමයි ඇය පවසා සිටියේ.ඉතින් ඇයගේ ඉදිරි නිර්මාණ කටයුතුවලට හදවතින්ම සුබ පතනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |