නිහඬ සෙවනැලි චිත්‍රපටය රූ ගත කලේ ඇත්තම හොල්මන් බංගලාවක-ජනප්‍රිය සුරූපී නිලි මාෂි සිරිවර්ධන (PHOTOS)
අපේ කළා ක්ෂේත්රය තුල දැකගන්න ලැබෙන කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි මාෂි සිරිවර්ධන කියලා කියන්නේ. ඉතින් ඒ වගේම සිනමා රංගනය පිවිසුණු ඇය අද වනවිට අපේ රටේ තරු අතර කැපී පෙනෙන තරුවක් කිවුවොත් හරියටම හරි.
ඒ වගේම පසුගිය වසරේ තිරගත වුණු නිවුස් පේපර් චිත්‍රපටය හරහා සිනමාවට ප්‍රවිෂ්ට වන ඇය ජනප්‍රිය රංගන ශිල්පී පුබුදු චතුරංගගේ ආදරණීය බිරිඳ බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. කොහොම නමුත් මේ දිනවල තිරගත වන අලුත්ම චිත්‍රපටය වන නිහඬ සෙවණැලි චිත්‍රපටයේ කැපී පෙනෙන චරිතයක් නිරූපණය කරන මාෂි පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් මේ අලුත්ම චිත්‍රපටය ගැන කතා බහ කරලා තිබුණා.
ඉතින් කොරෝනා වසංගතයත් එක්ක ගෙදර ඉන්න පුරුදු වෙලා දැන් ආයිමත් කාලයකට පසුව හැමෝටම අලුත් චිත්‍රපටයක් නරඹන්න අවස්ථාව තියෙනවා කියලා තමයි මාෂි කියන්නේ. නිහඬ සෙවනැලි කියන්නේ අද්භූත චිත්‍රපටයක්. ඒ වගේම තාරුණ්‍යයේ විනෝදකාමී බව සහ සැහැල්ලුව හරිම ලස්සනට පෙන්වන චිත්‍රපටයක් කියලත් ඇය කියනවා
. ඒ හැමදෙයටම වඩා මේ චිත්‍රපටයේ කතා තේමාවෙන් පරිසරය රැකගැනීම සම්බන්ධයෙන් සමාජයට ලොකු පණිවිඩයක් දෙනවාලු. මේ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකා නිරූපණය කරන්නේ යෞවන යෞවනියන් කීපදෙනෙක්. ඔවුන් විනෝද චාරිකාවක් සඳහා රක්ෂිත වනාන්තරයකට යනවා. ඒ අතරින් මාෂි හොඳම යාහළුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුගේ කලින් පෙම්වතිය සහ අනෙක් කෙනාගේ වර්තමාන පෙම්වතිය.
පුබුදු චතුරංගගේ වර්තමාන පෙම්වතියගේ චරිතය තමයි ඇයට කරන්න තියෙන්නේ. නමුත් ඇයට නිතරම මතක් වෙන්නේ ඇගේ කලින් පෙම්වතාගේ පැරණි මතකයන්. ඔහුත් ඒ විනෝද චාරිකාවට සම්බන්ධ ඇගේ බිරිඳ සමඟ සම්බන්ධ වෙනවා. ඔවුන් දෙදෙනාගේ ආදරය දිහා බලාගෙන හිත රිද්දගන්න පෙම්වතියකගේ චරිතය තමයි මාෂිට කරන්න තියෙන්නේ.