“රැවටුණේ නෙවෙයි, රැවැට්ටුවා.. මූණ දිහා බලාගෙන බොරු කිව්වා.. කාන්තාවගේ දුක වේදනාව විකුණන් කෑවා" - මරික්කාර්ගෙන් සියල්ල වමාරයි
ජාතික ජන බලවේගය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැතිවරණ සමයේදී ජනතාව නොමඟ යවා ඇති බවට හිටපු අමාත්‍ය සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා චෝදනා කරනවා. මෙවැනි අදහස් ඔහු මීට පෙරද රජය සම්බන්ධයෙන් පළ කර ඇති අතර, මෑතකදී සමාජ මාධ්‍ය සහ දේශපාලන ප්‍රචාරණය පිළිබඳවද අදහස් දක්වා තිබුණා.
සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මරික්කාර් මහතා සඳහන් කළේ, ජනතාව ජාතික ජන බලවේගයට රැවටුණු බවට වඩා එම පාර්ශ්වය විසින් ජනතාව රැවටීමට ලක් කළ බව තමන්ගේ අදහස බවයි.
මැතිවරණ ප්‍රචාරණය සඳහා සමාජ මාධ්‍ය භාවිත කළ ආකාරය සම්බන්ධයෙන්ද ඔහු අදහස් පළ කළා.
ඔහු පෙන්වා දුන්නේ වර්තමානයේ මැදි වයසේ කාන්තාවන් ටික්ටොක් සහ වැඩිහිටි කාන්තාවන් යූටියුබ් වැනි සමාජ මාධ්‍ය භාවිත කරන බැවින්, එම වේදිකා මැතිවරණ ප්‍රචාරණය සඳහා භාවිත කළ ආකාරය අධ්‍යයනය කළ යුතු බවයි.
2021 වසරේදීම තම පක්ෂයේ සාමාජිකයන්ට යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකෙරෙන දේශපාලන ප්‍රචාරණය පිළිබඳව තමන් දැනුවත් කළ බවද මරික්කාර් මහතා සඳහන් කළා.
ටික්ටොක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අවස්ථාවල විවිධ ප්‍රකාශ සිදුකරමින් ජනතා අවධානය දිනාගත් බවත්, එවැනි වීඩියෝ පට පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් ඔහු කියා සිටියා.
“අනිවාර්යයෙන්ම. රැවටුනා නෙවෙයි රැවට්ටුවා. මූණ දිහා බලාගෙන බොරු කිව්වේ. දැන් මෙහෙමයි, ඉස්සර තමයි අම්මලා පිරිත් දාගෙන උයන්න පිහන්න අරගන්නේ. හෙන යුද්ධයක්නේ. උයන්න ඕනේ, රෙදි හෝදන්න ඕනේ, ළමයිව ලෑස්ති කරන්න ඕනේ. ඒ ඔක්කෝම කළේ පිරිත් අහගෙන.
අනිද්දයින් පස්සේ ඉන්ධන බෙදීම නවතී ද? මිල සූත්‍රය අධ්‍යයනය කර දැනුම් දෙන්න තෙල් බෙදුම්කරුවන් අනිද්දා තෙක් කල් ගනියි
දන් අම්මලා කරන්නේ මැද වයසේ කාන්තාවෝ ටික්ටොක් බලාගෙන, වැඩිහිටි කන්තාවෝ යූටියුබ් බලාගෙන තමයි කරන්නේ. ඒ කැම්පේන් එක අධ්‍යයනය කරන්න. මං අපේ පක්ෂයේ මහත්තුරුන්ට 2021 කිව්වා යූටියුබ් චැනල් 177 අරගෙන ලෑස්ති වෙනවා, මෙන්න මේක තමයි ගේන කියලා. ටික් ටොක් එකෙන් ඇවිල්ලා ද එකක් කියනවා, හෙට එකක් කියනවා. ඒ ටික්ටොක් විඩීයෝ ටික අරන් බලන්න. ඇන්දුනා නෙවෙයි ඇන්දුවා. ආසානයේදී ස්වාමිපුරුෂයා අපිට හෝ රනිල් වික්‍රමසිංහ මහත්තයට ජන්දේ දුන්නා. කාන්තාව ජේ.වී.පී. එකට දුන්නා ළමයි එක්ක එකතු වෙලා. කාන්තාවගේ දුක වේදනාව විකුනන් කෑවා…”