'' සහල් ව්‍යාපාරිකයන්ට ආණ්ඩුව බයයි '' තිස්ස සහල් මිල ගැන කට අරියි
වෙළෙඳපොළේ සහල් මිල ඉහළ යමින් තිබෙන බවත් මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ට ආණ්ඩුව බය බවත් සමගි ජන බලවේග ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා සදහන් කර ඇත.
තවද ඔහු සදහන් කළේ ආණ්ඩුව පාලන මිලක් නියම කළත් එම මිලට සහල් ලබා ගැනීමට නොහැකි බවයි.
ඒවගේම සහල් මාෆියාව රට තුළ ක්‍රියාත්මක වන නමුත් මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ට ආණ්ඩුව බය බව එතුමා සදහන් කර තිබේ.
තවද වෙළෙඳපොළේ ආහාර හිඟය පියවා ගැනීමට ආණ්ඩුව කටයුතු කළත් ඒ හරහාත් විශාල වංචාවක්, දූෂණයක් සිදුවීමට හැකි බවත් මේ හරහා දේශීය ගොවීන්ට දැවැන්ත අර්බුදයකට මුහුණ දෙන්න සිදු වන බව ප්‍රකාශ කර ඇත.
සමගි ජන බලවේග ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා සදහන් කරන්නේ ආණ්ඩුව වී මිල දී ගන්නට හෝ වැඩපිළිවෙළක් නොමැති බව ත් දේශීය නිෂ්පාදන නිසි මිලට මිලදී ගැනීම ආණ්ඩුව කටයුතු කරන බවයි.
ඒ වගේම එතුමා වැඩිදුරටත් සදහන් කළේ ආපදාවෙන් විනාශ වුණ වගාවලට දෙන බව ප්‍රකාශ කළ සහන ලබාදෙන්නවත් ආණ්ඩුව කටයුතු කර නොමැති බව ත් දේශීය ගොවීන් දැඩි අපහසුතාවට පත් වන බවයි.