ගෝල්ඩන් බෝල් වෙන්දේසිය අවහිර කිරීමේ සටනේදී මැරඩෝනාගේ උරුමක්කාරයෝ පරාජයට..
ජනප්රිය පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනා විසින් 1986 ලෝක කුසලානයේ දී දිනාගත් ගෝල්ඩන් බෝල් කුසලානය වෙන්දේසි කිරීමට සුදානම් වේ.
මෙම ක්‍රියාවට මැරඩෝනාගේ උරුමක්කාරයන්ගේ විරෝධය එල්ල වුවත් එය නොතකා කුසලානය වෙන්දේසි කරන ලෙස ප්‍රංශ අධිකරණය ඊයේ නියෝග කර තිබුණි .
මැරඩෝනා 1986 ලෝක කුසලානයේ හොඳම ක්රීඩකයා ලෙස තේරී පත් වූ අතර ඒ සඳහා ඔහුට ගෝල්ඩන් බෝල් කුසලානය හිමි විය.
මෙම වෙන්දේසිය නතර කරන ලෙස ඉල්ලා ක්රීඩකයාගේ පවුලේ සාමාජිකයින් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ . මෙම ගෝල්ඩන් බෝල් කුසලානය වසර ගණනාවක් අතුරුදහන් ව තිබූ අතර, එය මෑතකදී සොයාගනු ලැබුණි.
මැරඩෝනාගේ පවුලේ සාමාජිකයන් පවසනුයේ කුසලානය සොරකම් කළ බවත් එහි වත්මන් හිමිකරුට එය වෙන්දේසි කළ නොහැකි බවයි.
1986 දී මෙක්සිකෝ සිටි හි පැවති අවසන් මහා තරගයේදී මැරඩෝනාගේ නායකත්වයෙන් ආර්ජන්ටිනාව බටහිර ජර්මනිය 3-2ක් ලෙස පරාජය කරමින් ලෝක කුසලානය දිනා ගත්තේය.2020 දී මිය යන විට මැරඩෝනා වයස අවුරුදු 60 පසුවිය.
ඉදිරි දින කිහිපය ඇතුළත පැරිස් නුවරදී මේ කුසලානය වෙන්දේසි කිරීමට නියමිතය.