ඇමරිකාවේ විරෝධතා රැසක්

Donald Trump United States of America Elon Musk
By Hashini Apr 06, 2025 05:48 AM GMT
Hashini

Hashini

Report

 විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්පට් සහ එරට බිලියනපතියෙකු ලෙස සැලකෙන එලෝන් මස්ක්ට එරෙහිව එරට දැඩි විරෝධතවක් ආරම්භ වී ඇති බවයි.

හෑන්ඩ්ස් ඕෆ් යනුවෙන් සංවිධානය කර ඇති මෙම විරෝධතා ව්‍යාපාරය ඊයේ දිනයේදී ඇමරිකාවේ ප්‍රාන්ත 50ම ඇතුළු ස්ථාන 1200 ජනාධිපතිවරයාට සහ එලෝන් මස්ක්ට එරෙහිව විරෝධතා පැවැත්වූ  බව එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් වනවා.

විරෝධතාකරුවන් සිය විරෝධතා මගින් පෙන්වා දී තිබෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෙන ඇති තීරු බදු  පැනවීම් ඇතුළු ඔහුගේ න්‍යාය පත්‍ර හේතුවෙන් සාමාජිය සහ ආර්ථික ගැටළු ඇතිවිය හැකි බවයි.

ඇමරිකානු ආර්ථිකය කඩා වැටීමත් , ඩොලර් ට්‍රිලියන 06කට ආසන්න ධනයක් විනාශ කිරීමෙන් ඇමරිකානු ජනාධිපතිවරයා මානසික අවපීඩනයකින් පෙලෙන බවද විරෝධතාකරුවන් පවසනවා.

විරෝධතාවට එක්වුවන් චෝදනා කරන්නේ ඇමරිකානු රජය බිලියනපතියෙකු විසින් අත්පත් ගන්නා බවයි. 

එමෙන්ම බ්‍රිතාන්‍යයේ ලන්ඩනය , ප්‍රංශයේ පැරිස් නුවර, ජර්මනියේ බර්ලින් නුවරද ට්‍රම්ප්ට විරෝධය පළ කරමින් විරෝධතා පවත්වන බව ද සඳහන්.   

අගමැති අනුරපුර යන අතරමග තැබූ සටහන

අගමැති අනුරපුර යන අතරමග තැබූ සටහන

මැතිවරණ කොමිසමේ නව APP එකට පැමිණිලි 597ක්.

මැතිවරණ කොමිසමේ නව APP එකට පැමිණිලි 597ක්.

ReeCha