මැතිවරණ කොමිසමේ නව APP එකට පැමිණිලි 597ක්.
By Hashini
මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන ඡන්ද විමසීමට අදාලව පැමිණිලි දැනුම් දීම සඳහා නව යෙදවුමක් පසුගිය 22 වනදා හඳුන්වා දෙනු ලැබුවා.
EDR Mobile App ලෙස හඳුන්වන එම යෙදවුම හරහා ඕනෑම පුද්ගලයෙකුට මැතිවරණ පැමිණිලි ඉදිරිපත් කල හැකිය.
එය හඳුන්වා දී සති දෙකක් ඇතුලත පැමිණිලි 597ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් පවසන්නේ.
එම යෙදවුම හරහා මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් වාර්තා වී ඇති බවද කොමිසම වැඩිදුරටත් පවසනවා.