මොකක්ද මේ වෙන්න යන්නේ .. ෆාමසි රැසක් වැසීයෑමේ අවධානමක් ..

Sri Lanka Government Of Sri Lanka Hospitals in Sri Lanka Medicines
By Piyumika Nov 08, 2024 07:14 AM GMT
Piyumika

Piyumika

Report

 දිවයින පුරා පිහිටි ෆාමසි 5000 ක වාර්ෂික බලපත්‍ර අලුත් කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට යොමු කළ ඉල්ලුම්පත් රැසක් ප්‍රධාන විධායක නිලධාරිවරයා ප්‍රතික්ෂේප කිරීම නිසා ජනවාරි මාසය වන විට ෆාමසි රැසක් වැසීයෑමේ අවධානමක් මතුව ඇති බව සමස්ත ලංකා පෞද්ගලික ඖෂධශාලා හිමියන්ගේ සංගමය අනතුරු අඟවයි.

රජයේ රෝහල්, පෞද්ගලික ෆාමසිවලට ඖෂධවේදීන් දසදහසක් පමණ අවශ්‍ය වුවත් දැනට දිවයින පුරා සිටින්නේ ඖෂධවේදීන් හයදහසක් පමණ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’ පුටින් ට්‍රම්ප්ට සුබ පතයි..

‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’ පුටින් ට්‍රම්ප්ට සුබ පතයි..

ෆාමසි හිමිකරුවන් ඖෂධවේදියකු සමග සිය ලියාපදිංචිය කර පුහුණුවන ඖෂධවේදීන් ද සමග ෆාමසි මගින් සිය සේවාව ලබාදෙයි. එහෙත් වාර්ෂික බලපත්‍ර අලුත් කිරීමේදී ඖෂධවේදීන් නොමැති බව ප්‍රකාශ කරමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය හදිසි තීරණයක් ගෙන අයැදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට පටන්ගෙන ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද පැවැසුවේය.

2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත හඳුන්වා දීමෙන් පසු ඖෂධවේදීන් හිඟ වුවත් අවශ්‍යතාව සපුරාගන්නාතුරු බලපත්‍ර අලුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීන්දුවක් ගෙන තිබිණි.

අත්බෑගයක් නිසා ජනාධිපතිවරයෙක් බිරිඳ වෙනුවෙන් සමාව ඉල්ලයි..

අත්බෑගයක් නිසා ජනාධිපතිවරයෙක් බිරිඳ වෙනුවෙන් සමාව ඉල්ලයි..

මේ අතර ඉදිරියේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් ෆාමසි පරීක්ෂා කිරීම හෝ බලපත්‍ර නිර්දේශ කිරීම සඳහා වූ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය ඔක්තෝබර් මස 10 වන දින තීන්දුවක් ගෙන තිබේ.

එම තීන්දුව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය එස්. එම්. ආනල්ඩ් විසින් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීන්දුවට විරෝධය පළ කිරීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීන්දු කර තිබේ.

ඔබේ නොසැලකිල්ල ප්‍රියයකුගේ ජීවිතය අවධානමට ලක් කිරීමක්..සිගිත්තෙක්ට දිවි අහිමි කල ආදරය..

ඔබේ නොසැලකිල්ල ප්‍රියයකුගේ ජීවිතය අවධානමට ලක් කිරීමක්..සිගිත්තෙක්ට දිවි අහිමි කල ආදරය..

එම සංගමය පෙන්වා දෙන්නේ ෆාමසි බලපත්‍ර මෙතෙක් සාමාන්‍ය පරිදි දුන් අතර එම ක්‍රියාවලිය බරපතළ අර්බුදයකට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බවයි.

බලපත්‍ර මෙතෙක් නිර්දේශ කිරීමේ බලය තිබුණේ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ටය.

ReeCha