ඔබේ නොසැලකිල්ල ප්‍රියයකුගේ ජීවිතය අවධානමට ලක් කිරීමක්..සිගිත්තෙක්ට දිවි අහිමි කල ආදරය..
නෙළුව මාවනාන ප්‍රදේශයේ අවුරුදු හතක පිරිමි දරුවකු ජල භීතිකා රෝගය වැළඳී ඊයේ (07) දින ජිවිතක්ෂයට පත්වු බව නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා.
මෙම දරුවාගේ නිවසට මීට මාස දෙකකට පමණ පෙර අසල්වාසී නිවසකින් බලු පැටවකු රැගෙන විත් තිබු අතර එලෙස රැගෙන ආ බලු පැටවා විසින් මෙම දරුවා සපා කෑමකට ලක් කොට තිබු බව එම කාර්යාලය වැඩිදුරටත් කියා සිටි.
දරුවාගේ දෙමාපියන් විසින් සපා කෑමට ලක්වු දරුවා වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා රැගෙන ගොස් නොමැති බවත් ඉන් සතියකට පමණ පසු බලු පැටියා නිවසින් අතුරුදන්ව තිබු බවත් එම සුනඛයාට බොහෝ දුරට ජල භීතිකා රෝගය වැළඳී මිය යන්නට ඇති බවට සැක කරන බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසා සිටිනවා.
මෙම සපා කෑමට ලක්වු දරුවාට පෙරේදා(06) දින හුස්ම ගැනීමේ අපහසුතාවය සහ උන හේතුවෙන් නෙළුව රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව උඩුගම රෝහලටත් එම රෝහලෙන් කරාපිටිය ජාතික රෝහලටත් මාරුකර යවා තිබෙනවා.කරාපිටිය ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එම දරුවා ඉතාමත් අවාසනාවන්ත ලෙස ඊයේ (07) දහවල් දෙකට පමණ ජිවිතක්ෂයට පත්වු බව රෝහල මගින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය දැනුම්වත් කල බව එම කාර්යාලය සදහන් කරයි.
නොදන්නා ස්ථානයක සිට රැගෙන එන සතුන් සුරතල් කිරීමෙන් තොරව සති දෙක පමණ කාලයක්වත් අවම වශයෙන් වෙන් කර තැබිය යුතු බවත් එම කාලය තුළදී ඔවුනට අවශ්‍ය ජල භීතිකා එන්නත ලබාදිම සිදු කල යුතු බව නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියා සිටිනවා.
ජල භීතිකා එන්නත් කොපමණ ලබාදී තිබුණද යම් සුනඛයක හෝ ක්ශීරපායි සතෙකුගේ සපා කෑමකට ලක්වුයේ නම් ජලභීතිකා රෝගය වැළඳීමේ අවදානමක් පවතින බවත් සපාකෑමකට ලක්වු අවස්ථාවක ප්‍රථමයෙන්ම හොඳින් ගලායන ජලයට එම තුවාලය නිරාවරනය කරමින් සබන් ගා විනාඩි විස්සක් පමණ හොඳින් සෝදා ඉන්පසුව එම සුනඛයාට එන්නත් ලබාදුන එන්නත් කාඩ් පත ඇත්නම් එයද රැගෙන ඉක්මනින් රජයේ රෝහලක් වෙත සපා කෑමට ලක්වු පුද්ගලයාව රැගෙන යන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලිමක් කරනු ලබයි
එලෙස සපාකෑමකට ලක්වු අවස්ථාවක ආදාල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාරයාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුම්වත් කිරිමටත්සපා කෑම සිදු කල සුනඛයා හෝ සත්වයා මිය ගියහොත් එම සුනඛයාගේ හිස වෙන් කර රෝහල වෙත යැවීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම්ද එම කාර්යාලය හරහා සිදු කරනවා.
ජලභීතිකා රෝගය වෛරසයක් මගින් ක්ෂීරපායී සතුන්ගෙන් මිනිසාට සෑදෙන මාරාන්තික රෝගී තත්වයක් වන අතර මෙය මිනිසාට බෝවන්නේ ආසාදිත සතෙකුගෙ ඛේටය (කෙල) , සතා සපා කෑමෙන්, සීරීමක් ඇති තැනකින්, සම කැඩුණු තැනකින් හෝ ශ්ලේෂ්මල පටලයකින් මිනිස් සිරුරට ඇතුලු වීමෙන්.
ජලභීතිකා රෝගයේ ප්‍රධාන වාහකයා සුනඛයා වන අතර හිසරදය හා උණ ජලභීතික රෝගයේ මුලින්ම ඇතිවෙන රෝග ලක්ෂණ වන බවත් පසුව එය දරුණු හැසිරීම්, පාලනය කළනොහැකි කලබලකාරී හැසිරීම් දැක්වීම, ජලයට ඇති අකමැත්ත ආදී ලක්ෂණ දක්වා වැඩි වන බවත් අවසානයේ සිදුවන ශ්වසන අපහසුතාවයන් හේතුවෙන් මරණය සිදු වන බවත් සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පවසා සිටිනවා.
සොම්බි චිත්‍රපට වල තියන් දේවල් වගේ වෙයිද.. පර්යේෂණාගාරයකින් පැනගිය පිරිසක් නිසා ප්‍රදේශ වාසීන්ට අනතුරු ඇගවීමක්..
ශ්‍රී ලංකාවේ ජලභීතිකා රෝගයේ ප්‍රධාන වාහකයා සුනඛයා වුවද බළලුන්, මුගටියන්, නරියන් ලේනුන් ආදී වෙනත් ආසාධිත ක්ෂීරපායි සතුන් මගින් ජලභීතිකා රෝගය මිනිසාට වැළදිය හැකි අතර තුල වසරකට සමාන්‍යයෙන් ජලභීතිකා මානව මරණ 20-30 අතර ප්‍රමාණයක් වාර්තා වන බවත් ඉන් වැඩිපුර මරණ සංඛ්‍යවක් සිදුවන්නේ සුනඛ සපාකෑම් මගින් බවද සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.
ශ්‍රී ලංකාවේ ජලභීතික රෝගයට ප්‍රධාන හේතුව වන සුනඛයන් එම රෝගයට එරෙහිව එන්නත් සිදු නොකිරීම සහ රොගීන් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු නොවීම අවසානාවන්ත තත්වයක් බවත් නිසි පරිදි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නේ නම් ජලභීතික රෝගය සියයට සියයක්ම වලක්වා ගත හැකි රෝගයක් බවයි සෞඛ්‍ය අංශ පවසා සිටින්නේ.