අද සිට නොමිලේ දුම්රිය ගමන් වාර රැසක්

Report

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර රැසක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ කොළඹ කොටුව සිට අනුරාධපුර දක්වා දුම්රිය ගමන්වාර 20ක් සහ අනුරාධපුරය සිට මිහින්තලය දක්වා දුම්රිය ගමන්වාර 36ක් ක්‍රියාත්මක කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවය.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ මෙම දුම්රිය ගමන්වාර සඳහා පෞද්ගලික ආයතනයක් සම්පූර්ණ වියදම් දරා ඇති බැවින් මෙම සියලු දුම්රිය ගමන්වාර මගීන් සඳහා නොමිලයේ ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවයි.

අධ්‍යාපනයට ,ආර්ථිකයට සුපිරි ග්‍රහයෝගයක් අද .. දවසේ ලග්න පලාඵල

අධ්‍යාපනයට ,ආර්ථිකයට සුපිරි ග්‍රහයෝගයක් අද .. දවසේ ලග්න පලාඵල

මෙම විශේෂ දුම්රිය ගමන්වාර හෙට (09) වන දින සිට එළැඹෙන 12 දින දක්වා ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මීට සමගාමීව බැතිමතුන් වෙනුවෙන් ස්ථාන කිහිපයක නවාතැන් පහසුකම් ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවයි.  

අද තද සුළං සමග අනෝරා වැසි.පළාත් කීපයකට අවදානම්

අද තද සුළං සමග අනෝරා වැසි.පළාත් කීපයකට අවදානම්