හිටපු ඇමති මංගලට අවසන් ගෞරව දක්වන්න බොහෝ පිරිසක් එක් වෙයි.

Mathara Mangala samaraweera Samagi jana balaweegaya Chandrika bandaranayake
By Aruna Nov 25, 2021 08:15 AM GMT
Aruna

Aruna

Report

කොරෝනා වැළඳීමෙන් මිය ගිය හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ තෙමස් පූර්ණය අදට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් ඔහුගේ භෂ්මාවශේෂ මහජන ගෞරව සඳහා බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති අතර, අද පෙරවරුවේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ඊට අවසන් ගෞරව දැක් වූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ භෂ්මාවශේෂ අද පස්වරු 6න් පසු මාතරට රැගෙන යන අතර හෙට පස්වරු 2ට මාතර - නූපේ පැරණි ලන්දේසි ශාලාවේදී මහජන ගෞරව සඳහා තැන්පත් කිරීමට නියමිතයි.

මේ සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් පැමිණෙමින් සිටින බවයි අප වාර්තා කරුවන් පැවසුවේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now