මනම්පිටිය බස් අනතුරේ තිත්ත ඇත්ත කැත නැතුව හෙළිකළ රියදුරු මහතාගේ කතාවට ප්‍රබලයෙකුගෙන් ප්‍රතිචාර - (VIDEO)

By Sewvandhi Jul 12, 2023 04:17 PM GMT
Report

මනම්පිටිය බස් අනතුරේ ඇත්තම හෙළි කළ රියදුරුගේ කතාව අසා අදාළ අනතුරින් මියගිය සහ අගතියට පත් පාර්ශව වෙනුවෙන් වන්දි ලබාගැනීමට සහ නොමිලේ නීති ආධාර ලබා ලබාදීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ අජිත් පී පෙරේරා මහතා සහ එතුමාගේ කනිෂ්ඨ නීතිඥ මණ්ඩලය සූදානමින් සිටින බව එතුමා දන්වනවා.

ඉතින් ගගන අපගේ වීඩියෝවෙන් දැනුවත් වී මෙලෙස අසරණ වු ජනතාව වෙනුවෙන් සහය දැක්වීමට පෙරට ආ එතුමාට ගගන අපගේ හදපිරි ගෞරවය පුද කරනවා.

මෙලෙස අසාධාරණය දුටු තැන ඉදිරියට විත් ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට අනෙකුත් දේශපාලනඥයින් මෙන්ම නිලධාරීන් පෙනී සිටින්නේ නම් මෙවන් ඛේදනීය අනතුරු අපට දකින්නට නොලැබේවී.

මෙම අනතුර ඇත්තටම සිදු වූයේ රියැදුරුගේ නොසැලකිල්ල නිසාද..? ඉතින් ඒ පිළිබඳ තිත්ත ඇත්ත පැහැදිලි කළ රියදුරු මහතාගේ කතාව පහත වීඩියෝවෙන්..


එනම්, පසුගිය 9 වනදා පොලොන්නරුවේ සිට රාත්‍රී 7.25ට පමණ කාත්තන්කුඩි දක්වා ගමන් ගන්නා පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් පොළොන්නරුව - මනම්පිටිය ප්‍රදේශයේ කොටලීය පාළමෙන් ඔයකට පෙරළීමෙන් අනතුරකට ලක්වුණා.

මෙම අනතුරෙන් අවාසනාවන්ත ලෙස පුද්ගලයින් එකොළොස් දෙනෙකුට දිවි අහිමි වුණා. ඉන්පසුව අත්අඩංගුවට ගත් බස් රථයේ රියදුරු ජූලි 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.

Gallery