අනේ දෙවියනේ දුර්ලභ ගණයේ කොටියෙක් මරලා දතුත් ගලවන් ගිහින්
දුර්ලභ ගණයේ කොටියෙකුට වෙඩි තබා ඝාතනය කර ඇති සිදුවීමක් පිළිබඳව වාර්තා වේ. ඒ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් බුදුරුවාගල රක්ෂිතයේ මීගල් ආර ප්‍රදේශයේදීය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය වනජීවී කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඔවුන්ට ලැබුණු තොරතුරු මත ප්‍රදේශය පුරාවටම විමර්ශනයක් සිදු කර ඇති අතර එහිදී ඝාතනයට ලක් වූවා යැයි සැලකෙන කොටියාගේ සිරුර සොයාගෙන ඇත.
වැටලීම සිදුකළ අවස්ථාවේ දී සැකකරුවන් පලාගොස් ඇති අතර සැකකරුවන් විසින් ඝාතනය කල කොටියාගේ දත් ගලවාගෙන ගොස් තිබේ.
එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වනජීවී නිලධාරීන් විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.