විදේශයේ නිෂ්පාදිත අවියක් හා ජීව උණ්ඩ සමග පුද්ගලයෙකු කොටු

Report

විදේශීය නිෂ්පාදිත අවියක් හා තවත් අවි කොටස් හා ජීව උණ්ඩ සමග පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර දකුණ පොලිස් වසමේ අංක 21, කුව්න්ස් රෙසිඩන්ස්, මතුගම පාර, නාගොඩ යන ලිපිනයේ පදිංචි පුද්ගලයෙකු වේ

.

එහි දී ඇමරිකාවේ නිෂ්පාදිත බෝර 12 අවි 01, බෝර 12 අවියක ක්‍රියාකාරි කොටසක්, ජර්මන් නිෂ්පාදිත මැගසින් එකක් සහිත පිස්තෝල අවි 01, ජපන් නිෂ්පාදිත මැගසින් එකක් සහිත වායු පිස්තෝල අවි 01, මි.මී.9 ජීව උණ්ඩ 51, 0.38(SPECIAL) වර්ගයේ ජිව උණ්ඩ 16, බෝර 12(SG) වර්ගයේ ජිව උණ්ඩ 11 ක් හා ආරක්ෂක අංශ භාවිතා කරන යතුරු සහිත යකඩ අත්විලංගුවක්   ඔහු  සන්තකයේ තිබී හදුනාගෙන ඇත.

දකුණු කළුතර  පොලිසිය විසින් වැඩි දුරටත් ඒ පිළිබද විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

 

ණයක් ගන්න හිත හිත හිටපු හැමෝටම මෙන්න සුබ ආරංචියක්

ණයක් ගන්න හිත හිත හිටපු හැමෝටම මෙන්න සුබ ආරංචියක්