තිරිසන්නු වගේ හතර දෙනෙක් තියුණු ආයුධ වලින් පහරදීලා සැමියාව මරලා බිරිද රෝහලේ
Sri Lanka Police
Crime
Law and Order
Latest Headlines
Sinhala news
By Ashfa
පෞද්ගලික ආරවුලක් මත දිවුලපිටිය දූනගහ ප්‍රදේශයේ ආපනශාලාවක් තුළ තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව වාර්තා වේ.
මියගිය පුද්ගලයා හා ඔහුගේ බිරිද ඊයේ දින රාත්‍රියේ ආහාර ගැනීම සදහා ආපන ශාලාවකට ගිය අවස්ථාවේ දී ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාම ගැටුමට හේතුව බව පවසයි. ගැටුමින් සැමියා මියගිය අතර බිරිදටද තුවාල සිදුවී ඇත.
අදාල පුද්ගලයාට ආපනශාලා හිමිකරු ඇතුළු තිදෙනෙකු විසින් තියුණු ආයුධ වලින් පහර දී ඇති අතර සිද්ධියෙන් බරපතල ලෙස තුවාල ලැබූ පිරිමි පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.
මිය ගිය පුද්ගලයාගේ වයස අවුරුදු 46 ක් වන අතර ඔහුගේ බිරිඳගේ වයස අවුරුදු 40ක් වන අතර සැකකරුවන් පලා ගොස් ඇති බව වාර්තා වේ.