ඉදිරි පැය 36ට තද වැසි - පළාත් කිහිපයකට අනතුරු ඇඟවීමක්

Report

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා බලපැවැත්වෙන පරිදි නිවේදනයක් නිකුත් කර ඇත.

එම දෙපාර්තමේන්තුව පවසන පරිදි, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

වයඹ පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව සඳහන් වේ. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල වැසි රහිත කාළගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 50 පමණ වේගයකින් යුත් තද සුළං ඇතිවිය හැකි බව ද සඳහන් වේ.

චන්ද්‍රිකා ආණ්ඩුව අරන් තිබ්බ ඉඩමේ හයිවේ හදලා මහින්ද රාජපක්ෂ ලකුණු දාගත්තා හැබැයි අපිට දුන්නේ නැවතුන රටක්

චන්ද්‍රිකා ආණ්ඩුව අරන් තිබ්බ ඉඩමේ හයිවේ හදලා මහින්ද රාජපක්ෂ ලකුණු දාගත්තා හැබැයි අපිට දුන්නේ නැවතුන රටක්

හමුදා කඳවුරකට පැනීමට ගොස් පුද්ගලයෙකු මිය යෑමට එරෙහිව ක්‍රියාත්මක කරන්න යන හර්තාලය ගැන රජයේ මතය

හමුදා කඳවුරකට පැනීමට ගොස් පුද්ගලයෙකු මිය යෑමට එරෙහිව ක්‍රියාත්මක කරන්න යන හර්තාලය ගැන රජයේ මතය

මහින්ද කුලියට ගෙයක් හොයයි නිල නිවස බාරදෙයි අසනීප නිසා දුරට යන්න කැමති නැහැ

මහින්ද කුලියට ගෙයක් හොයයි නිල නිවස බාරදෙයි අසනීප නිසා දුරට යන්න කැමති නැහැ