මධ්‍යම කඳුකරයට ගිගුරුම් සහ දැඩි වැසි අනතුරු ඇඟවීමක්
By Shehan
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ජන ජීවිතයට සහ රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
අධික වර්ෂාවත් සමඟ ඇති වූ තද සුළං සහ ඝන මීදුම් තත්ත්වය හේතුවෙන් හැටන්-කොළඹ සහ හැටන්-නුවරඑළිය මාර්ගවල රථවාහන ධාවනයට බාධා පැමිණ ඇති බව වාර්තා වේ.
පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ පවතින අයහපත් කාළගුණ තත්ත්වය හමුවේ එම මාර්ගවල රථවාහන ධාවනය කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙසයි.
මේ අතර, පවතින වර්ෂාවත් සමඟ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව ජලාශ භාර ඉංජිනේරුවරුන් සඳහන් කරයි.