ලොකු කලබලයක් - ජනතාව ගිනිපන්දම් රැගෙන විශාල විරෝධතාවයක
කඳුකර ජනතා සංවිධානය විසින් පන්දම් රැගෙන කදපොල නගර මධ්‍යයේ විරෝධතාවයක් පවත්වයි.
මෙම විරෝධය වර්තමාන රජයට විරෝධය සමාජ සාධාරණත්වය සදහා වූ බවත් වාර්තා වේ. ජනතාව මහජන ගැටලු දැන්වීම් සහ ගිනි පන්දම් සහ සටන් පාඨ කියමින් මෙම විරෝධතාවය සිදු කර ඇත.
පිරිස ඉල්ලීම් කර ඇත්තේ රටේ වර්තමාන ආර්ථික තත්ත්වය හමුවේ බඩුමිල දරාගත නොහැකි බවත් මිල පහත දමන බව රජය දුන් පොරොන්දු ඉටු කරන ලෙසත්ය.
එමෙන්ම වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 2000 දක්වා ඉහල නැංවීම හැකි ඉක්මනින් කල යුතු බවත් ඉන්දියාව හා ඇති හිවිසුම් පසෙකලා විදුලි බිල අඩු කරන ලෙසයි.
මොවුන්ගේ අරමුණ වන්නේ දෛනික වියදම් අඩු කිරීම , විදුලි බිල අඩු කිරීම හා වතු කම්කරුවන්ගේ වැටුප් ගැටලුව බවත් පවසයි.
