හමුදා කඳවුරකට පැනීමට ගොස් පුද්ගලයෙකු මිය යෑමට එරෙහිව ක්‍රියාත්මක කරන්න යන හර්තාලය ගැන රජයේ මතය

Report

රජය සහ ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් සිදු කරනු ලබන අසත්‍ය ප්‍රචාර සහ අදහස් විකෘති කිරීම්වලට රැවටීමෙන් වැළකී සිටින ලෙස කැබිනට් මාධ්‍ය ප්‍රකාශක හා අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා උතුරු - නැගෙනහිර ජනතාවගෙන් ඉල්ලා සිටී.

මුලතිව්, ශිවනගර් හි පිහිටි ඉවත් කිරීමට නියමිත 12 වැනි සිංහ රෙජිමේන්තුවේ කඳවුරට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයෙකුගේ මරණය පදනම් කර ගනිමින් හෙට (18) දිනයේ මෙම හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ජනපති අනුර ජපානයට යන්නේ කතානායකගේ උපාධි සහතිකේ ගේන්නද?

ජනපති අනුර ජපානයට යන්නේ කතානායකගේ උපාධි සහතිකේ ගේන්නද?

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේ පැවසීය;

"මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙනවා. දැනටමත් හමුදාවේ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. මෙම සිදුවීමේ තොරතුරු විකෘති කරමින්, අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් යම් යම් දේශපාලන කණ්ඩායම් උතුරු-නැගෙනහිර ජනතාව අතර කැලඹීමක් ඇති කිරීමට උත්සාහ දරන බව පෙනෙනවා. එබැවින්, රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කරුණු හරිහැටි වටහා ගෙන සාමකාමීව හැසිරෙන ලෙසයි."

සුභ ආරංචියක් මෙන්න - ලබන මාසේ ඉදලා ආයෙත් විශ්‍රාම වැටුප් දෙනවලු

සුභ ආරංචියක් මෙන්න - ලබන මාසේ ඉදලා ආයෙත් විශ්‍රාම වැටුප් දෙනවලු

අඩුත් නැති වැඩිත් නැති අද රන් මිල

අඩුත් නැති වැඩිත් නැති අද රන් මිල