චීනයෙන් ලංකාවට ඩොලර් මිලියන 500ක ණයක්

Sri Lanka Politician Sri Lanka China Latest Headlines Sinhala news
By Ashfa Aug 17, 2025 11:10 AM GMT
Ashfa

Ashfa

Report

කාලයක් තිස්සේ ප්‍රමාදව පැවති මධ්‍යම අධිවේගී මාර්ගයේ (CEP 1) පළමු අදියර ඉදිකිරීම් අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය නව මූල්‍ය සැලැස්මක් සකස් කර ඇත.

එමගින් චීනයේ EXIM බැංකුවෙන් චීන යුවාන් (RMB) මුදල් ඒකකයෙන් ඩොලර් මිලියන 500කට සමාන මුදලක් ණය ලබාගැනීමත්, ඒ හා එක්ව ශ්‍රී ලංකා රජයේ අරමුදල්වලින් ඩොලර් මිලියන 438ක් වැය කිරීමත් සඳහා කැබිනට් අනුමැතිය ඉල්ලා ඇත.

සුභ ආරංචියක් මෙන්න - ලබන මාසේ ඉදලා ආයෙත් විශ්‍රාම වැටුප් දෙනවලු

සුභ ආරංචියක් මෙන්න - ලබන මාසේ ඉදලා ආයෙත් විශ්‍රාම වැටුප් දෙනවලු

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට RMB ආදායමක් නොමැති බැවින්, මෙම ණය ආපසු ගෙවීම සිදුවන්නේ එක්සත් ජනපද ඩොලර් සංචිත පරිවර්තනය කිරීමෙන්ය.

එමඟින් මුල් ගිවිසුම සංශෝධනය කිරීමත් අවශ්‍ය වන අතර, ණය මුදල RMBවලට පරිවර්තනය කිරීම චීන EXIM බැංකුවේ ඉල්ලීමක් කල බව වාර්තා වේ.

තෙවන පාසල් වාරය ආරම්භ වන දිනය මෙන්න

තෙවන පාසල් වාරය ආරම්භ වන දිනය මෙන්න

මෙම ව්‍යාපෘතියේ මුල් අදියර කඩවත මීරිගම (කි.මී 37.1) කොටස සඳහා කොන්ත්‍රාත්කරු වූ Metallurgical Corporation of China Ltd (MCC) වෙත ගෙවිය යුතු මුදල් ගැන විමසීම සඳහා පත්කළ කමිටුව, ඉතිරි මාර්ග කොටස ඉදිකිරීම MCC සමාගම සමගම ඉදිරියට ගෙන යාමට නිර්දේශ කර තිබුණි.

ඉදිකිරීම් කටයුතු 2020 සැප්තැම්බර් මාසයේදී EXIM බැංකුවේ අරමුදල් යටතේ ආරම්භ කළත්, මේ වන විට භෞතික ප්‍රගතිය 36.38%ක් පමණයි.

ආර්ථික අර්බුදය නිසා ණය නිකුත් කිරීම අත්හිටුවීමත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියත් මේ වන තෙක් වැඩ කටයුතු ප්‍රමාද කළේය.

අඩුත් නැති වැඩිත් නැති අද රන් මිල

අඩුත් නැති වැඩිත් නැති අද රන් මිල

ශ්‍රී ලංකා රජය සහ EXIM බැංකුව අතර මුල් ණය ගිවිසුම 2019 මාර්තු මාසයේදී අත්සන් කළ අතර, පසුව 2024 ජුනි මාසයේදී එය සංශෝධනය කරන ලදි.

එහිදී පොලී අනුපාතය 2.5%  3.5% අතර පවත්වා ගැනීමට එකඟත්වයක් ඇතිවිය. මුල් ණය මුදල ඩොලර් මිලියන 989ක් වූ අතර, නිකුත් කර තිබුණේ ඩොලර් මිලියන 51.5ක් පමණය.

ඉතිරි ණය මුදල ඩොලර් මිලියන 938ක් අතරින්, RMBවලින් ඩොලර් මිලියන 500ක් දීමට අවසර ලැබ ඇති අතර, ඉතිරි ඩොලර් මිලියන 438ක් ශ්‍රී ලංකා රජය විසින්ම දරන බවට ගිවිසුමක් ඇත.

ඒ සමග, රජයට කොන්ත්‍රාත්කරු MCC වෙත හිඟ ගෙවීම් සහ පොලී වශයෙන් ඩොලර් මිලියන 200කට ආසන්න මුදලක් ගෙවීමට සිදුවනු ඇත.

ගතවූ කාලයේදී, ශ්‍රී ලංකාවේ විශාලතම ඉදිකිරීම් සමාගම් පහක්, MCC වෙත 2015 2016දී ලබා දුන් සෘජු කොන්ත්‍රාත්තුව අවලංගු කර නැවත විවෘත ටෙන්ඩර් කැඳවීමෙන් අඩු පිරිවැයකින් මාර්ගය ඉක්මනින් නිම කළ හැකි යැයි යෝජනා කළත්, ඒවා සලකා බැලීම සිදු නොවීය.