ආසියානු කුසලානයට පාකිස්ථානු සංචිතය නම් කෙරේ

Report

එළැඹෙන ආසියානු කුසලානය විස්සයි20 තරගාවලිය සඳහා සහභාගි වන පාකිස්ථානු කණ්ඩායම පාකිස්ථාන ක්‍රිකට් ආයතනය විසින් අද (17) උදෑසන නිවේදනය කරන ලදී.

සල්මන් අලි ආගාගේ නායකත්වය යටතේ ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයක් මෙම තරගාවලිය සඳහා නම් කර ඇත.

කෙසේ වෙතත්, වත්මන් පාකිස්තාන කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වන බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන් මෙවර ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත් කර තිබේ.

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතාගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතාගේ අවසන් කටයුතු අද

මෙවර ආසියානු කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී සැප්තැම්බර් 9 වැනිදා ආරම්භ වන අතර, එම තරගාවලියට පෙර පාකිස්තාන කණ්ඩායම එහිදී තුන්කොන් විස්සයි20 තරගාවලියකට සහභාගි වීමට නියමිතය.

එම තරගාවලිය ශාර්ජාහිදී ඇෆ්ගනිස්තානය සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම් අතර පැවැත්වේ.

තෙවන පාසල් වාරය ආරම්භ වන දිනය මෙන්න

තෙවන පාසල් වාරය ආරම්භ වන දිනය මෙන්න

ආසියානු කුසලානය සඳහා නම් කළ පාකිස්තාන සංචිතය: සල්මන් ආගා (නායක), අබ්රාර් අහමඩ්, ෆහීම් අෂ්රෆ්, ෆකාර් සමාන්, හාරිස් රවුෆ්, හසන් අලි, හසන් නවාස්, හුසේන් තලාත්, කුෂ්දිල් ෂා, මොහොමඩ් හාරිස් (කඩුලු රකින්නා), මොහොමඩ් නවාස්, මොහොමඩ් වසීම්, සහිබ්සාදා ෆර්හාන්, සයිම් අයුබ්, සල්මන් මිර්සා, ෂහීන් ෂා අෆ්රිඩි, සුෆියාන් මොකිම්

නටන්න බැරි චන්දිමාල්ටත් මංගල සීනූ මෙන්න අතගත් සුරූපිනිය

නටන්න බැරි චන්දිමාල්ටත් මංගල සීනූ මෙන්න අතගත් සුරූපිනිය

 

Gallery