ගංවතුර තත්ත්වයක් දරුවන් 5ක් ඇතුළු 7ක් මරුට [PHOTO]

India Accident Death Latest Headlines Sinhala news
By Ashfa Aug 17, 2025 09:32 AM GMT
Ashfa

Ashfa

Report

ඉන්දියාවේ ජම්මු හා කාශ්මීරයේ කතුවා දිස්ත්‍රික්ක ප්‍රදේශවල, අධික වර්ෂාව හේතුවෙන් හදිසි ගංවතුර තත්ත්වයක් ඇතිව ඇත.

මෙම ආපදාවේදී, කුඩා ළමුන් පස් දෙනෙකු ඇතුළු පුද්ගලයින් දහසය දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ.

තෙවන පාසල් වාරය ආරම්භ වන දිනය මෙන්න

තෙවන පාසල් වාරය ආරම්භ වන දිනය මෙන්න

ඊට අමතරව, පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර, තවත් බහුතරයක් ආපදා තත්වය නිසා දැඩි භීතියට මුහුණ පා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර එරට කාලගුණ බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ දිස්ත්‍රික්කය පුරා අධික වර්ෂාපතනයක් ඇදැ හැලෙනු ඇති බවත් සිදුවිය හැකි ආපදාවන්වලින් ආරක්ෂා වන ලෙසත්ය.

ලොකු කලබලයක් - ජනතාව ගිනිපන්දම් රැගෙන විශාල විරෝධතාවයක

ලොකු කලබලයක් - ජනතාව ගිනිපන්දම් රැගෙන විශාල විරෝධතාවයක

මිට අමතරව ගංගා, ඇළදොළ, සහ අනෙකුත් ජල මූලාශ්‍ර ආශ්‍රිතව සිටීමෙන් වළකින ලෙසත් කඳුකර සහ නායයෑම් සහ අනෙකුත් අවදානම් සහිත ප්‍රදේශවලින් වැළකී සිටින ලෙසත් එරට මහජනතාවට අනතුරු ඇගවීම් කර තිබේ.

නටන්න බැරි චන්දිමාල්ටත් මංගල සීනූ මෙන්න අතගත් සුරූපිනිය

නටන්න බැරි චන්දිමාල්ටත් මංගල සීනූ මෙන්න අතගත් සුරූපිනිය

පසුගිය 14 වැනි දින ජම්බු හා කාශ්මීරයේ කිෂ්ට්වාර් ප්‍රදේශයට බලපෑ වළාකුළු පිපිරීමේන් ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් මිය ගොස් තවත් 100කට අධික පිරිසක් තුවාල ලැබීය.

මචයිල් මාතා කෝවිලට වාර්ෂික වන්දනා ගමන සඳහා විශාල පිරිසක් චිසෝට් හී රැස්ව සිටියදී මෙය සිදුව ඇති අතර අවම වශයෙන් සිද්ධියෙන් පුද්ගලයින් 82කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇතැයිද වාර්තා විය.

Gallery