කථානායකගෙන් විශ්වාසභංගය ගැන 19 වැනිදා විශේෂ ප්‍රකාශයක්

Report

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව සමඟි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කථානායකවරයා ලබන 19 වැනිදා පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට සැලසුම් කර ඇත.

මෙම යෝජනාව විවාදයට ගැනීමට නෛතික බාධාවක් ඇති වී තිබෙන බැවින්, ඒ පිළිබඳව කථානායකවරයා මෙහිදී කරුණු පැහැදිලි කරනු ඇතැයි වාර්තා වේ.

කෙසේ නමුත්, මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් නොකරන ලෙස කථානායකවරයා දැනටමත් දැනුම් දී ඇත.

හමුදා කඳවුරකට පැනීමට ගොස් පුද්ගලයෙකු මිය යෑමට එරෙහිව ක්‍රියාත්මක කරන්න යන හර්තාලය ගැන රජයේ මතය

හමුදා කඳවුරකට පැනීමට ගොස් පුද්ගලයෙකු මිය යෑමට එරෙහිව ක්‍රියාත්මක කරන්න යන හර්තාලය ගැන රජයේ මතය

චන්ද්‍රිකා ආණ්ඩුව අරන් තිබ්බ ඉඩමේ හයිවේ හදලා මහින්ද රාජපක්ෂ ලකුණු දාගත්තා හැබැයි අපිට දුන්නේ නැවතුන රටක්

චන්ද්‍රිකා ආණ්ඩුව අරන් තිබ්බ ඉඩමේ හයිවේ හදලා මහින්ද රාජපක්ෂ ලකුණු දාගත්තා හැබැයි අපිට දුන්නේ නැවතුන රටක්