විපක්ෂයේ පොදු වේදිකාව - ලබන සතියේ තීරණාත්මක සාකච්ඡා

Report

විපක්ෂයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හා නොකරන ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් පිරිසක් ලබන සතියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන් හමුවීමට තීරණය කර ඇත.

පොදු කාරණාවලදී විපක්ෂයේ සියලු පක්ෂ එක්ව කටයුතු කිරීම සඳහා අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ සහ උපාය මාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර ‘ඉරිදා මව්බිම’ට පැවසීය.

ජනපති අනුර ජපානයට යන්නේ කතානායකගේ උපාධි සහතිකේ ගේන්නද?

ජනපති අනුර ජපානයට යන්නේ කතානායකගේ උපාධි සහතිකේ ගේන්නද?

මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා (14) පස්වරුවේ හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ නිවෙසේදී පැවති සාකච්ඡාවකදී ය.

මෙම හමුව කිසිදු දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක් ගොඩනැඟීමේ අරමුණකින් නොව, රටේ පවතින සමාජ හා ආර්ථික ගැටලු සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කර ගනිමින් පුළුල් වේදිකාවක් නිර්මාණය කිරීමට පමණක් පැවැත්වූ බව දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා සඳහන් කළේය.

පුටින්ට ලියූ රහස් ලිපිය මෙලනියා හෙළි කරයි

පුටින්ට ලියූ රහස් ලිපිය මෙලනියා හෙළි කරයි

එහිදී ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සංකල්ප පත්‍රිකාවක් සකස් කිරීම පිළිබඳව ද අවධානය යොමු වී ඇත.

මෙම සාකච්ඡාව පැය එකහමාරකට ආසන්න කාලයක් පැවති අතර, එයට ජී.එල්. පීරිස්, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, පාඨලී චම්පික රණවක, මහින්ද අමරවීර, මනෝ ගනේෂන්, නිෂාන් කාරියප්පර්, මිලින්ද මොරගොඩ, රිෂාඩ් බදුර්දීන්, දයාසිරි ජයසේකර, රමේෂ් පතිරණ, ලසන්ත අලගියවන්න, මයන්ත දිසානායක, ප්‍රේමනාත් සී. දොලවත්ත යන හිටපු මැති ඇමතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගි වී ඇත.

මීට පෙර ද ජී.එල්. පීරිස්ගේ නිවෙසේදී මෙම හිටපු මැති ඇමති කණ්ඩායම සාකච්ඡා පවත්වා ඇත.

අඩුත් නැති වැඩිත් නැති අද රන් මිල

අඩුත් නැති වැඩිත් නැති අද රන් මිල