රෝද තුනෙන් අරගෙන යන්නේ මොනවද දැකපු පොලිස් නිලදාරීන්ගේ ඇසුත් උඩ යයි..

By Piyumika Jan 14, 2025 03:16 AM GMT
Report

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 500 ක් සහ හෙරොයින් ග්‍රෑම් 500ක් සමග සැකකරුවෙකු කඩුවෙල - කොරතොට, වැලිහිද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, නවගමුව පොලිසියට ලද තොරතුරකට අනුවයි.

මෙන්න මේ ප්‍රදේශවල ඉන්න ඔයා නම් මොන දේ අමතක උනත් අද දවසේ කුඩේ නම් අමතක කරන්න එපා..

මෙන්න මේ ප්‍රදේශවල ඉන්න ඔයා නම් මොන දේ අමතක උනත් අද දවසේ කුඩේ නම් අමතක කරන්න එපා..

සැකකරු මෙම මත්ද්‍රව්‍ය තොගය ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 04 කට අධික බවටයි වාර්තා වන්නේ.

ලොක්කා නැමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයෙකු විසින් ඔහුට මෙම මත්ද්‍රව්‍ය ලබා දී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්..

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්..

පොලිස් විශේෂ කාර්යාංශයේ පොලිස් සැරයන් 22498 සුමිත් නිලධාරියට ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවකදී මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ද පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මකයි.

You may like this video