වඩමුණේ ඇතා මරා දළ විකිණීමට ගිය අයෙකු අත්අඩංගුවට ගනී
By Malith Madushan
වැලිකන්ද වඩමුණේ ජීවත්වූ ඇතෙකු මරා දමා, පුළුස්සා දළ යුගලය ගලවා විකිණීමට උත්සාහ කළ පුද්ගලයෙකු වැලිකන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වැලිකන්ද පොලිසියට ලැබුණු තොරතුරකට අනුව අදාළ වැටලීම සිදු කර ඇති අතර එහිදී සැකකරු සහ ඇත් දළ දෙක අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයා විසින් වඩමුණේ රක්ෂිතයේ ජීවත්වූ ඇතා උපක්‍රමශීලීව මරා, පිළිස්සීමෙන් අනතුරුව ශරීරය දිරාපත්වූ පසු දළ දෙක ගලවාගෙන ගොස් විකිණීමට උත්සාහ කර ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා සහ ඇත් දළ යුගලය අද (10) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.