ලංකාවම සංවේදී කරමින්, මෙරට දරුවන් ගැන දුක හිතෙන අණාවරණයක්..

Sri Lanka Economic Crisis Sri Lanka Food Crisis Hospitals in Sri Lanka Economy of Sri Lanka Latest Headlines
By krishani Dec 30, 2023 02:05 PM GMT
krishani

krishani

Report

මෙරට දරුවන් අතර මන්දපෝෂණය ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කළේ ය.

ලංකාවම සංවේදී කරමින්, මෙරට දරුවන් ගැන දුක හිතෙන අණාවරණයක්.. | Malnutrition Of Children In This Country

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වත්මන් රෝගී ප්‍රතිකාරක සේවාවන්, මානව හා භෞතික සම්පත් සංවර්ධන කටයුතු මෙන්ම පවතින අඩුපාඩු සොයා බලා කඩිනම් විසදුම් ලබාදීමේ අරමුණින් ඊයේ (29) එම රෝහලේ විශේෂ නිරික්ෂණ චාරිකාවකට එක් වෙමින් ය.

ඒ අනුව, විශේෂයෙන්ම නුවරඑළිය, මහනුවර දිස්ත්‍රික්කවල එම තත්ත්වය සුවිශේෂි වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ තිබෙන අදාළ සෞඛ්‍ය අංශ සහ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සමග සම්බන්ධව විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ලංකාවම සංවේදී කරමින්, මෙරට දරුවන් ගැන දුක හිතෙන අණාවරණයක්.. | Malnutrition Of Children In This Country

මෙහිදී අමාත්‍යවරයා විසින් නිළධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ මෙම තත්ත්වය විශේෂයෙන්ම මධ්‍යම පළාතේ වැඩිපුරම දැකගත හැකි බැවින් ඒ පිළිබද අවධානය යොමු කරන ලෙසයි.

මෙයට අමතරව රෝහල මගින් සපයනු ලබන රෝගී ප්‍රතිකාර සේවාවන්, සිදු කළ සහ සිදු කිරිමට නියමිත සංවර්ධන වැඩසටහන් ඇතුළු මානව හා භෞතික සම්පත් පිළිබදව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා විසින් පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

එයට අදාළව කෙටිකාලන හා දිගුකාලීන විසදුම් ලබාදීම ද සිදු කර ඇති බව ද වාර්තා වේ.

එමෙන්ම, අමාත්‍යවරයා එහිදී අදහස් දක්වමින් ඉදිරි වසර සදහා වෙන්වන සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ රෝහලේ අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු සදහා පියවර ගන්නා බව පෙන්වා දී ය.

ReeCha