මන්ත්‍රී වුනාට පස්සෙ මට වාහනයක් ඕන වෙයි. - තවත් පහසුකම් අවශ්‍ය වෙයි. - (VIDEO)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ පසු තමන්ට වාහනයක් වුවමනා වනු ඇති බව ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක රංගන ශිල්පී ජගත් මනුවරණ පවසනවා.
දැනටද තමන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා වාහනයක් භාවිතා කරන බවද ඔහු සඳහන් කරනවා.
ඒ, අනුව රංගන ශිල්පියෙක් ලෙස තමන් බස් රථයේ ත්‍රීවිල් වලත් ගොස් තම කටයුතු කර ගත්තද මන්ත්‍රීවරයෙක් ලෙස කාර්යබහුල වූ පසු එසේ කටයුතු කර නොහැකි වනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
තමන් මේ වන තෙක් නිවසක් තනාගෙන වාහනයක් මිලදීගෙන ස්ථාවරත්වයකට පත්ව නොමැති බවත්,දේශපාලනයට තමන් පැමිණෙන්නේ සේවයක් කිරීමට බවත් එහිදී යම් යම් පහසුකම් අවශ්‍ය වනු ඇති බව ඔහු සඳහන් කරනවා.
ඒ, රූපවාහිනි නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.