මාඔය කැළඹෙයි - තරුණියන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු අතුරුදන්
දිවුලපිටිය බඩල්ගම, පේරගස්මංකඩ ප්‍රදේශයේදී මාඔයේ දිය නෑමට ගිය තරුණියන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව පොලිසිය සඳහන් කළේ අද(19) දින පස්වරු 02කට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.
එමෙන්ම තරුණියන් සිව් දෙනෙකු සහ තරුණයෙකු මාඔයේ දිය නෑමට ගොස් ඇති අතර ඉන් සිව්දෙනෙකු අනාරක්ෂිත ස්ථානයක දිය නාමින් සිට ඇති බව වාර්තා වේ.
එහිදී ඉන් එක් තරුණියක් දියේ ගිලී ඇති අතර ඇය බේරා ගැනීමට උත්සහ කිරීමේදී සෙසු තිදෙනාද දියේ ගිලී අතුරුදන්ව ඇති බව පොලිසිය පවසයි.
ගිනි ගණන් ගිය ඉන්ධන මිල නිසා ඉන්ධන කප්පාදු කිරීමට දැඩි ක්‍රියාමාර්ග මාලාවක් - ඉන්ධන දීමනා 50%න් අඩුකරයි - කඩ සාප්පු රාත්‍රී 9ට වසයි
එමෙන්ම අතුරුදන් වූ තරුණියන් තිදෙනා සහ තරුණයා සොයා ප්‍රදේශවාසින් සහ පොලිසිය එක්ව මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ අවුරුදු 20-25ත් අතර වයසේ පසුවන බදුල්ල සහ හපුතලේ ප්‍රදේශවල පදිංචි පිරිසක් බව සඳහන්.
එමෙන්ම ඔවුන් බඩල්ගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිට ඇති බවද පවසයි.
මේ පාසල්වලට සහ ගුරුවරුන්ට රජයෙන් සුබ ආරංචියක් - ගුරුවරුන් බඳවා ගැනීමට සහ ගුරුවරුන් සඳහා නිවාස ඉදිකිරීමට සැලසුම්