ලංකාවේ ඩිජිටල් සාක්ෂරතාව ගැන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් හෙළිදරව්වක්
වයස අවුරුදු 5 ත් 69 ත් අතර සෑම පුද්ගලයින් 5 දෙනෙකුගෙන්ම දෙදෙනෙකු පමණක් පරිගණක සාක්ෂරතාවයෙන් යුක්ත වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව ඉකුත් වසරේ සිදු කරන ලද සමීක්ෂණයට අනුව එළිදක්වන ලද වාර්තාවේ වයස අවුරුදු 5 ත් 69 ත් අතර පුද්ගලයින් 10 දෙනෙකුගෙන් 7 දෙනෙකු ඩිජිටල් සාක්ෂරතාවයෙන් යුක්ත බව දැක්වේ.
එබැවින් ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණකයක පවතින්නේ ගෘහස්ථ නිවාසවලින් 21.3%ක් පමණක් වන අතර සෑම නිවාස පහකින්ම එක් නිවසක ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණකයක් පවතින බව සඳහන්.
ගිනි ගණන් ගිය ඉන්ධන මිල නිසා ඉන්ධන කප්පාදු කිරීමට දැඩි ක්‍රියාමාර්ග මාලාවක් - ඉන්ධන දීමනා 50%න් අඩුකරයි - කඩ සාප්පු රාත්‍රී 9ට වසයි
එමෙන්ම වැඩිම පරිගණක හිමිකාරිත්වයක් බස්නාහිර පළාතේ පවතින අතර අඩුම පරිගණක ප්‍රමාණයක් පවතින්නේ උතුරු පළාතේ වන බව වාර්තා වේ.
එසේම ඉහළ පරිගණක සාක්ෂරතාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, එය අඩුම දිස්ත්‍රික්කය වන්නේ උතුරු මැද පළාතයි.