“සුරූපී කරීනා කපූර්ගේ අලුත්ම ත්‍රාසජනක චිත්‍රපටය අද ගමන් අරඹයි” - මලයාලම් නළු ප්‍රිත්විරාජ් සුකුමාරන් ද රංගනයේ යෙදේ [VIDEO]

Report

Meghna Gulzar අධ්‍යක්ෂණය කළ Kareena Kapoor සහ Prithviraj Sukumaran රංගනයෙන් දායක වන ‘Daayra’ චිත්‍රපටය ඉන්දියානු බොක්ස් ඔෆිස් වාර්තා අනුව පළමු දිනයේදී මන්දගාමී ආරම්භයක් ලබා තිබේ.

සිකුරාදා සිනමාහල් වෙත නිකුත් වූ මෙම අපරාධ ත්‍රාසජනක චිත්‍රපටය, Kareena Kapoor සහ මලයාලම් සිනමා නළු Prithviraj Sukumaran පළමු වරට එකට රංගනයෙන් දායක වන චිත්‍රපටය ලෙසද සැලකේ.

වාර්තා වන පරිදි ‘Daayra’ චිත්‍රපටය පළමු දිනයේදී ඉන්දියාව තුළ ඉන්දීය රුපියල් ලක්ෂ 90ක පමණ ශුද්ධ ආදායමක් උපයා තිබේ.

සිකුරාදා දිනයේ චිත්‍රපටයේ හින්දි ප්‍රදර්ශන සඳහා සමස්ත ප්‍රේක්ෂක සහභාගීත්වය සියයට 11.65ක් පමණ වූ අතර, එය රට පුරා දර්ශන වාර 2,238ක පමණ ප්‍රදර්ශනය කර තිබේ.

චිත්‍රපටය හින්දි සහ මලයාලම් භාෂා දෙකෙන්ම ප්‍රදර්ශනය කෙරෙන අතර, පළමු දිනයේ ආදායමෙන් වැඩි ප්‍රමාණයක් ලැබී ඇත්තේ හින්දි ප්‍රදර්ශනවලිනි. මලයාලම් භාෂා ප්‍රදර්ශනවලින් ලැබුණු ආදායම සමස්ත ආදායමට සාපේක්ෂව සුළු ප්‍රමාණයක් බව සඳහන් වේ.

සායි පල්ලවි රන්බීර් කපූර් රඟන ‘රාමායණ’ සිනමාපටයේ පළමු ගීතය නිකුත් වෙයි - ''ප්‍රේක්ෂකයන්ට ආධ්‍යාත්මික හැඟීමක් දැනෙනවාලු”

සායි පල්ලවි රන්බීර් කපූර් රඟන ‘රාමායණ’ සිනමාපටයේ පළමු ගීතය නිකුත් වෙයි - ''ප්‍රේක්ෂකයන්ට ආධ්‍යාත්මික හැඟීමක් දැනෙනවාලු”

පොලිස් වෙඩි තැබීමක් වටා ගෙතුණු කතාවක්

Meghna Gulzar විසින් අධ්‍යක්ෂණය කර ඇති ‘Daayra’ චිත්‍රපටයේ කතාව ගෙතී ඇත්තේ බරපතළ ස්ත්‍රී දූෂණ සහ ඝාතන සිද්ධියකට සම්බන්ධ මතභේදාත්මක පොලිස් වෙඩි තැබීමක් පසුබිම් කරගනිමිනි.

එහිදී පොලිස් නිලධාරීන් දෙදෙනකු මුහුණදෙන සංකීර්ණ සදාචාරාත්මක ගැටලුවක් සහ එම පොලිස් මෙහෙයුමේ ප්‍රතිවිපාක ඔවුන්ට බලපාන ආකාරය චිත්‍රපටයේ කතාවට පාදක වී තිබේ. මේ අතර, ‘Daayra’ චිත්‍රපටයට එදිනම තවත් නව චිත්‍රපටයක් වන ‘Vibe’ සමඟ බොක්ස් ඔෆිස් තරගයකටද මුහුණදීමට සිදුව තිබේ.

‘Vibe’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Kareena Kapoorගේ මස්සිනා වන Kunal Kemmu විසිනි. ඔහු සමඟ Preity Zinta සහ Sparsh Shrivastava ද එහි ප්‍රධාන චරිත නිරූපණය කරති.

දුසේරා උත්සවයට රිදී තිරය ගිනි තියන්න එන විජේ සහ රශ්මිකාගේ ඓතිහාසික සිනමා වෘත්තාන්තය

දුසේරා උත්සවයට රිදී තිරය ගිනි තියන්න එන විජේ සහ රශ්මිකාගේ ඓතිහාසික සිනමා වෘත්තාන්තය