පිටකොටුවෙන් මේ ක්‍රීම් ගත්තු අයට නරක ආරංචියක් - පාරිභෝගික අධිකාරියෙන් මේ තොරතුරු ඉල්ලා තරයේ අවවාද
ශරීරයේ සම කඩිනමින් පැහැපත් කරන බව කියමින් අලෙවි කෙරෙන අනතුරුදායක සම ආලේපන (ක්‍රීම්) සම්බන්ධයෙන් පිටකොටුව ප්‍රදේශයේ විශේෂ වැටලීමක් සිදු කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අද (19) දින පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව පිටකොටුව, 2 වන හරස් වීදියේ පිහිටි වෙළඳසැල් ඉලක්ක කරගනිමින් අද දහවල් ක්‍රියාත්මක වූ මෙම විශේෂ වැටලීමේදී, රසකාරක හා අන්තරායකර රසායනික ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන මුහුණු ආලේපන, සුවඳ විලවුන්, හිසකෙස් වර්ණක, සබන් වර්ග මෙන්ම සම පැහැපත් කරන ක්‍රීම් (Bleaching/Whitening Creams) විශාල තොගයක් නිලධාරීන් භාරයට ගෙන ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ එම වැටලීමේදී හමුවූ සම පැහැපත් කරන ක්‍රීම් වර්ග බොහොමයක නිෂ්පාදකයා, මෙරටට ආනයනය කළ සමාගම හෝ පුද්ගලයා පිළිබඳ කිසිදු තොරතුරක් සඳහන්ව නොතිබූ බවත්, නිසි ප්‍රමිතියකින් තොරව සහ නීති විරෝධී ආකාරයට අලෙවි කිරීමට තබා තිබූ එම නඩු භාණ්ඩ තොගය එම ස්ථානයේදීම සීල් තබා නිලධාරීන් භාරයට ගත් බවත් ය.
මේ පාසල්වලට සහ ගුරුවරුන්ට රජයෙන් සුබ ආරංචියක් - ගුරුවරුන් බඳවා ගැනීමට සහ ගුරුවරුන් සඳහා නිවාස ඉදිකිරීමට සැලසුම්
එමෙන්ම නීත්‍යානුකූල ආනයනකරුවෙකු නොමැති සහ ප්‍රමිතියෙන් තොර මෙවැනි ආලේපන අලෙවි කිරීමෙන් වළකින ලෙසත්, අදාළ ආනයනකරුවන් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන ලෙසත් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් වෙළඳසැල් හිමියන්ට තරයේ අවවාද කර තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ ඉදිරිපත් කරමින් අදාළ වෙළඳුන්ට විරුද්ධව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු යොදා තිබෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර ඇත.
අද කැරට් 24 රන් පවුම ලක්ෂ 4ට වඩා අඩු වෙද්දි කැරට් 22 රන් පවුමක මිල මෙච්චරයි - රටම හොයපු රන් මිල ගණන් මෙන්න