යාපනයේදි තරුණයෙකුට අවසනාවන්ත ඉරණමක් - ''පොලිසිය නවත්වන්නැයි සංඥා කළ පසු යතුරුපැදිකරු ඇදවැටීලා''
By Malith Madushan
යාපනය - කරෛනගර් මාර්ගයේ මනාප්පායි දේවස්ථානය වෙත යතුරුපැදියකින් ගමන් කරමින් සිටි 26 හැවිරිදි තරුණයෙකු යාපනය පොලිස් මුරපොළ ආසන්නයේදී ඇදවැටී මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, මියගිය තරුණයා චුන්නාක්කම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි. පොලිස් නිලධාරීන් විසින් යතුරුපැදිය නවත්වන ලෙසට සංඥා කර ඇති අතර, එය නතර කිරීමෙන් අනතුරුව තරුණයා හදිසියේ ඇදවැටී ඇති බව මූලික තොරතුරුවල සඳහන් වේ.
අනතුරුව ඔහු යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, එහිදී මියගොස් ඇති බව වාර්තා වේ. මෘත දේහය මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.