කොටස් වෙළෙඳපොළ කලින්ම වහලා දායි. - ඒ දවස මෙන්න.
Sri Lanka
Colombo Stock Exchange
Economy of Sri Lanka
Sri Lanka Parliament Election 2024
By Wayomi
කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු පැය 3කට සීමා කර තිබෙනවා.
ඒ,2024 මහ මැතිවරණය හේතුවෙන් නොවැම්බර් 14 වනදායි.
ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ පවසන්නේ, එහි ගනුදෙනු 14 වනදා උදෑසන 09:30 සිට පස්වරු 12:30 දක්වා පමණක් සිදුකරන බවයි.
මේ අතර අද (11) දිනය තුළදී කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය සහ S&P SL 20 දර්ශකය සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
මෙහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 74.86ක වර්ධනයක් පෙන්නුම්කළ අතර දිනය නිමාවන විට එහි අගය සඳහන් වූයේ 12,875.32ක් ලෙසට ය. S&P SL 20 දර්ශකය ඒකක 23.16කින් 3,854.43ක් දක්වා වර්ධනය විය.
දිනයේ වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 2.4කි.