අද දිවයින පුරා සෑම ග්‍රාම නිලධාරී වසමකම විශේෂ වැඩසටහනක් - ඉදිරියේදී සෑම මසකම අවසන් සෙනසුරාදා දින පැවැත්වීමට සැලසුම්
“එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු” යන තේමාව යටතේ ක්‍රියාත්මක “අත්තම” ජාතික පවිත්‍රතා වැඩසටහනේ දෙවන අදියර අද (19) දින දිවයින පුරා ක්‍රියාත්මක කර ඇත.
ඒ අනුව දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී වසමක්ම මූලික කර ගනිමින් පැවැති මෙම වැඩසටහනට ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, පොලිස් නිලධාරීන්, ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එක් විය.
ඊට සමගාමීව ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ආසනයේ හුණුපිටිය, ජයන්තිමහල් හන්දිය ආශ්රිත ප්‍රදේශය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ද පවත්වා ඇත.
එයට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා ද එක් විය.
මේ පාසල්වලට සහ ගුරුවරුන්ට රජයෙන් සුබ ආරංචියක් - ගුරුවරුන් බඳවා ගැනීමට සහ ගුරුවරුන් සඳහා නිවාස ඉදිකිරීමට සැලසුම්
Clean Sri Lanka මහලේකම් කාර්යාලයෙන් ක්‍රියාත්මක කරනු ලබන මෙම “අත්තම” වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ සමාජය තුළ පැවති සාමූහිකත්වය සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව නැවත ගොඩනැගීමයි.
ඒ අනුව මෙම වැඩසටහන ඉදිරි මාස කිහිපය තුළ සෑම මසකම අවසන් සෙනසුරාදා දින පැවැත්වීමට ද සැලසුම් කර තිබෙනවා.
එම අවස්ථාවට කැලණිය ප්‍රාදේශීය ලේකම් ගයනි රණසිංහ මහත්මිය, ක්ලීන් ශ්‍රී ලංකා කැලණිය සම්බන්ධීකාරක කෞෂල්‍ය අරුමපුර මහතා, නාවික හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන්, ප්‍රාදේශීය මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.
අද කැරට් 24 රන් පවුම ලක්ෂ 4ට වඩා අඩු වෙද්දි කැරට් 22 රන් පවුමක මිල මෙච්චරයි - රටම හොයපු රන් මිල ගණන් මෙන්න

