පයාගල මුහුදේ දියනාමින් සිටි 15 හැවිරිදි පාසල් අතුරුදන්

Report

පයාගල, කුඩා පයාගල දේවස්ථානය පිටුපස මුහුදේ දියනෑමට ගිය 15 හැවිරිදි පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බව පයාගල පොලිසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ කුඩා පයාගල ප්‍රදේශයේම පදිංචිව සිටි සිසුවෙකි.

අදාළ සිසුවා තවත් යහළුවන් තිදෙනෙකු සමඟ වෙරළාශ්‍රිතව පිහිටි ගල් වැටිය ආසන්නයේ දිය නාමින් සිටියදී සැර දියවැලකට හසුව ගසාගෙන ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අතුරුදන් වූ පාසල් සිසුවා සොයා නාවික හමුදාවේ සහකාරයෙන් විශේෂ සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

මාඔය කැළඹෙයි - තරුණියන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු අතුරුදන්

මාඔය කැළඹෙයි - තරුණියන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු අතුරුදන්

අද දිවයින පුරා සෑම ග්‍රාම නිලධාරී වසමකම විශේෂ වැඩසටහනක් - ඉදිරියේදී සෑම මසකම අවසන් සෙනසුරාදා දින පැවැත්වීමට සැලසුම්

අද දිවයින පුරා සෑම ග්‍රාම නිලධාරී වසමකම විශේෂ වැඩසටහනක් - ඉදිරියේදී සෑම මසකම අවසන් සෙනසුරාදා දින පැවැත්වීමට සැලසුම්