දේශබන්දු පොලිස්පති ලෙස පත්කිරීම ගැන ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මෙන්න. - දිනයක් නියම වෙයි.

Sri Lanka Police Deshabandu Tennakoon
By Wayomi Nov 11, 2024 09:41 AM GMT
Wayomi

Wayomi

Report

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 2025 පෙබරවාරි 24 සහ 25 යන දිනවල විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) නියම කරනු ලැබුවා.

කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව 08ක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

ඒ, අනුව එම පෙත්සම් අද යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

මේ සති අන්තය වන විට ඉන්ධන මිල පහල යයි.- නව මිල ගණන් මෙන්න.

මේ සති අන්තය වන විට ඉන්ධන මිල පහල යයි.- නව මිල ගණන් මෙන්න.

11.11 සුබ දවසේ රන් මිලත් සීඝ්‍ර ලෙස පහල යයි. - පසුගිය සතියට සාපේක්ෂව අඩු වූ නව මිල ගණන් මෙන්න.

11.11 සුබ දවසේ රන් මිලත් සීඝ්‍ර ලෙස පහල යයි. - පසුගිය සතියට සාපේක්ෂව අඩු වූ නව මිල ගණන් මෙන්න.

පෙත්සම් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම් වල වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින වත්මන් ජනාධිපතිවරයා වෙනුවෙන් විරෝධතා ගොනු කිරීම සඳහා කාලය ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒ අනුව අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා නීතිපතිවරයාට කල් ලබාදුන්නා.

මෙහිදී අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු මෝසමක් ගොනුකර ඇති අතර ඊට එරෙහිව පෙත්සම්කාර පාර්ශව විසින් ද තවත් මෝසම් ඉදිරිපත් කර තිබුණි.

එම මෝසම් සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා ඒවා අගවිනිසුරුවරයා වෙත යොමුකරන බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දැනුම් දුන් අතර ඉන් අනතුරුව අදාළ පෙත්සම් පෙබරවාරි 24 වනදා සහ 25 වනදා විභාගය සඳහා කැඳවන ලෙසත් නියෝග කරනු ලැබුවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යස්ථාදායක සභාව විසින් ජනාධිපතිවරයා වෙත විධිමත් නිර්දේශයක් ඉදිරිපත් කර නොමැති බවයි.

ජනවාරියේ ඉන්ධන, ගෑස් හිඟයක්? - ඉන්ධන මිල සූත්‍රය නව රජයෙන් ඉවත් කරයි.?

ජනවාරියේ ඉන්ධන, ගෑස් හිඟයක්? - ඉන්ධන මිල සූත්‍රය නව රජයෙන් ඉවත් කරයි.?

ඉදිරියේදී ශිෂ්‍යත්ව විභාගය නෑ. - 8 ශ්‍රේණිය දක්වා තරග විභාග නෑ.- පෙර පාසල් අධ්‍යාපනයේත් වෙනසක්.

ඉදිරියේදී ශිෂ්‍යත්ව විභාගය නෑ. - 8 ශ්‍රේණිය දක්වා තරග විභාග නෑ.- පෙර පාසල් අධ්‍යාපනයේත් වෙනසක්.

එවැනි විධිමත් නිර්දේශයකින් තොරව ඔහු පොලිස්පති ධුරයට පත්කිරීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයවීමක් සිදුවන බවත් ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයවීමක් සිදුවන බවත් පෙත්සම්කරුවන් සඳහන් කර ඇත.

ඒ අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම් වලින් ඉල්ලා තිබුණි.

කෙසේ වෙතත් ඉකුත් ජූලි මස මෙම පෙත්සම් විභාගයට ගැනීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ වගකීම් හා රාජකාරී ඉටුකිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කර තිබෙනවා.

අලුත් පාර්ලිමේන්තුවේ පළමු දවස ගැන දැනුම්දෙයි.

අලුත් පාර්ලිමේන්තුවේ පළමු දවස ගැන දැනුම්දෙයි.

පාර්ලිමේන්තු ජන්දේ දී පාට කරන ඇඟිල්ල මාරු වෙයි. - සුලගිල්ල වෙනුවට එන ඇඟිල්ල මෙන්න.

පාර්ලිමේන්තු ජන්දේ දී පාට කරන ඇඟිල්ල මාරු වෙයි. - සුලගිල්ල වෙනුවට එන ඇඟිල්ල මෙන්න.

ReeCha