විශ්වවිද්‍යාල සිසුන්ට සුබ ආරංචියක් - ජනාධිපති අරමුදලින් මේවා නොමිලේ ලබාදීමේ වැඩසටහනක්

Report

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි සහ ශ්‍රවණ උපකරණ ලබාදීමේ වැඩසටහනේ පළමු වැඩසටහන අද (19) දින රජරට විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී ඇරඹුණා.

ඒ අනුව නොමිලේ ඇස් පරීක්ෂා කර කාච ලබාදීමද මෙහිදී සිදු කෙරුණු අතර පෞද්ගලික අංශයේද දායකත්වය ලබා ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව සඳහන්.

එසේම ජනාධිපති අරමුදල වෙත පරිත්‍යාග ලෙස ලැබී ඇති ඇස් කණ්ණාඩි රාමු පාසල් දරුවන්, විශ්වවිද්‍යාල සිසුන්, කාර්මික විද්‍යාල සිසුන් සහ අඩු ආදාම්ලාභී පුරවැසියන් වෙත නොමිලේ ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

මේ පාසල්වලට සහ ගුරුවරුන්ට රජයෙන් සුබ ආරංචියක් - ගුරුවරුන් බඳවා ගැනීමට සහ ගුරුවරුන් සඳහා නිවාස ඉදිකිරීමට සැලසුම්

මේ පාසල්වලට සහ ගුරුවරුන්ට රජයෙන් සුබ ආරංචියක් - ගුරුවරුන් බඳවා ගැනීමට සහ ගුරුවරුන් සඳහා නිවාස ඉදිකිරීමට සැලසුම්

එහිදී අදහස් දැක්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා පවසා ඇත්තේ රටේ සියලු දරුවන්ට බාධාවකින් තොරව අධ්‍යාපනය ලැබීමට පහසුකම් සැලසීම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ අපේක්ෂාව බවත්, ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත්ය.

එසේම මේ වන විට ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභ රටේ සියලු දරුවන්ට සහ එහි ප්‍රතිලාභ හිමි විය යුතු පිරිස් වෙතම හිමි වන බව පෙන්වා දුන් රෝෂන් ගමගේ මහතා යහපත් කළමනාකාරීත්වය හේතුවෙන් ජනාධිපති අරමුදල ඉකුත් වසර දෙක ඇතුළත 50%කින් ශක්තිමත් වී ඇති බවද සඳහන් කළා.

අද කැරට් 24 රන් පවුම ලක්ෂ 4ට වඩා අඩු වෙද්දි කැරට් 22 රන් පවුමක මිල මෙච්චරයි - රටම හොයපු රන් මිල ගණන් මෙන්න

අද කැරට් 24 රන් පවුම ලක්ෂ 4ට වඩා අඩු වෙද්දි කැරට් 22 රන් පවුමක මිල මෙච්චරයි - රටම හොයපු රන් මිල ගණන් මෙන්න

අද දිවයින පුරා සෑම ග්‍රාම නිලධාරී වසමකම විශේෂ වැඩසටහනක් - ඉදිරියේදී සෑම මසකම අවසන් සෙනසුරාදා දින පැවැත්වීමට සැලසුම්

අද දිවයින පුරා සෑම ග්‍රාම නිලධාරී වසමකම විශේෂ වැඩසටහනක් - ඉදිරියේදී සෑම මසකම අවසන් සෙනසුරාදා දින පැවැත්වීමට සැලසුම්

දකුණු ඉන්දීය සිනමාවේ ආදරණීය යුවල සූරියා සහ ජ්‍යෝතිකා යළිත් විවාහ පොරොන්දු අලුත් කරයි

දකුණු ඉන්දීය සිනමාවේ ආදරණීය යුවල සූරියා සහ ජ්‍යෝතිකා යළිත් විවාහ පොරොන්දු අලුත් කරයි