ආණ්ඩුවේ නම්බුව වැනසූ මාලිමා මන්ත්‍රීනියට ඉල්ලා අස්වෙන්න වෙන ලකුණු

Report

ඊයේ (05) දිනයේ පොලිසිය විසින් සිදු කරන ලද වැටලීමකදී අනුරාධපුර ප්‍රදේශයේදී හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගන්නා ලද විදුහල්පතිවරයාගේ බිරිඳ වන ජාතික ජන බලවේග පෑලියගොඩ නාගරික මන්ත්‍රීනිය එම ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවට සමීප ආරංචි මාර්ග පවසයි.

ඊයේ දිනයේ මෙම අත්අඩංගුවට ගැනීමත් සමඟම මන්ත්‍රීනීය පදිංචි පෑලියගොඩ නිවස ද පොලිසිය මඟින් දැඩි සෝදිසි කිරීමට ලක් කර තිබුණා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ ඉහළ පෙළේ දැඩි අවධානයක් යොමු වී තිබෙන බව වාර්තා වේ.

බඩුත් එක්කම අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රීනියගේ සැමියා අධිකරණයට

බඩුත් එක්කම අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රීනියගේ සැමියා අධිකරණයට

ඒ අනුව ඊයේ දිනයේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිහිපයක්ම පවත්වා ඇති බවද ආරංචි වේ. මේ අතර එම මන්ත්‍රීනිය ඉල්ලා අස්වීම වඩා සුදුසු බවට ඔවුන්ගේ වැඩි පිරිසක්ගේ අදහස වී ඇති බව ද සඳහන්.

එසේම පක්ෂය වශයෙන් තීන්දුවක් ගෙන ඇය ඉවත් කරන්නට වඩා ඇයම සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අවස්ථාවක් දිය යුතු බවද ඔවුන්ගේ අදහස වී ඇති බව ආරංචි මාර්ග පවසයි.

මේ අතර පොලිසිය ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ගයට කිසිදු බලපෑමක් විය යුතු නැති බවට ද අවධාරණය කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මෙහි ඇති ලොකුම ගැටලුව නම් රටම කතාවෙන ලෙස දිවයිනේ මත්ද්‍රව්‍ය මැඩලීමට කටයුතු කළ වත්මන් ආණ්ඩුවේම මන්ත්‍රීනියකගේ සැමියෙක් මෙවැනි වරදකට චෝදනා ලැබීමයි.

මෙම කළු පැල්ලම කෙසේ හෝ පිස දැමීමට ගත හැකි හොඳම විසඳුම ඇයම ධූරයෙන් ඉල්ලා අස්වීම වුවද එය ඇගේ කැමැත්තටද නැතහොත් බලපෑමකට සිදු වන්නක් ද යන්න ගැටලුවකි.

මෙක්සිකෝවේ ජනපතිනියට ජනාධිපති මන්දිරය අසලදීම ලිංගික හිරිහැර‍යක්

මෙක්සිකෝවේ ජනපතිනියට ජනාධිපති මන්දිරය අසලදීම ලිංගික හිරිහැර‍යක්

සිංහයෙක් වගේ හිටපු තිස්සට මොකක්ද මේ වුණේ? දැඩි සත්කාරේ ලෙඩ ඇදේ

සිංහයෙක් වගේ හිටපු තිස්සට මොකක්ද මේ වුණේ? දැඩි සත්කාරේ ලෙඩ ඇදේ