මැලේසියානු විදේශ කටයුතු ඇමති දිවයිනට.

Report

මැලේසියානු විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ තිබෙනවා.

ඊයේ (08) ශ්‍රී ලංකාවට ආචාර්ය සැම්බ්‍රි අබ්දුල් කාදර් මෙලෙස නිල සංචාරයක් සඳහා පැමිණ තිබෙනවා.

මැලේසියානු විදේශ කටයුතු ඇමතිවරයාගේ නිල සංචාරයෙන් ශ්‍රී ලංකා - මැලේසියා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට නියමිතයි.

අමාත්‍යවරයා ලබන 12 වැනිදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි.

විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ මැලේසියානු විශේෂ ඇමතිවරයා ජනපති රනිල් වික්‍රමසිංහ අහමති දිනේෂ් ගුණවර්ධන සහ විදේශ කටයුතු ඇමති අලි සබ්‍රි හමුවීමටද නියමිත බවයි.

එසේම මැලේසියානු විදේශ අමාත්‍යවරයා ලබන 11 වනදා පැවැත්වෙන ඉන්දියානු කලාපීය වටද්දර සංවිධානයේ සමුළුවටද සහභාගී වීමට නියමිතයි.