බිලියන 3.5ක විනාශයක් කරපු 'දිට්වා' සුළි කුණාටුවේ වන්දිය ගෙවන්න ADB ලංකාවට බිලියන ගණනින් සල්ලි පොම්ප කරයි
ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට අනුව, ‘පශ්චාත් දිට්වා සුළි කුණාටු ප්‍රතිසංස්කරණ හා ජීවනෝපාය සහාය ව්‍යාපෘතිය’ සඳහා ලබාදෙන මූල්‍ය සහාය අමෙරිකානු ඩොලර් මිලියන 200 දක්වා වැඩි කිරීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) එකඟ වී තිබේ.
ඒ අනුව, දැනට වෙන් කර තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 100ට අමතරව තවත් අමෙරිකානු ඩොලර් මිලියන 100ක අතිරේක මුදලක් ලබාදීමට ADB එකඟතාව පළ කර ඇති අතර, ඒ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිව තිබේ.
ජූනි 18 දිවයිනේ සියලු පාසල්, පෙරපාසල් හා අධ්‍යාපන ආයතන වල විශේෂ වැඩසටහනක් - බලධාරීන් වෙත විශේෂ චකලේඛයක් නිකුත් වේ
2025 වසරේ නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් මහාමාර්ග, දුම්රිය මාර්ග, වාරිමාර්ග පද්ධති, නිවාස සහ ජනතාවගේ ජීවනෝපායන්ට දැඩි හානි සිදුවිය.
පශ්චාත් ආපදා අවශ්‍යතා තක්සේරුවට අනුව, එම ව්‍යසනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2.1ක පමණ හානි සහ අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක ආර්ථික පාඩු සිදුව ඇති අතර, සමස්ත ප්‍රතිසාධන අවශ්‍යතාව අමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග හා අනෙකුත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම, වාරිමාර්ග පද්ධති පුනරුත්ථාපනය කිරීම, ජනතාවගේ ජීවනෝපායන් යථා තත්ත්වයට පත් කිරීම සහ නිවාස ආධාර සැපයීම ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඒ සඳහා නිත්‍ය සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත්වලින් අමෙරිකානු ඩොලර් මිලියන 100ක් සහ සහනදායී සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත්වලින් තවත් අමෙරිකානු ඩොලර් මිලියන 100ක් වශයෙන් සමස්ත අමෙරිකානු ඩොලර් මිලියන 200ක අරමුදල් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.