මෙවර මැයි දිනය සැමරීමට මගේ බලාපොරොත්තුවක් නෑ මෛත්‍රී කියයි
මෙවර මැයි දිනය සැමරීමට තමාගේ බලාපොරොත්තුවක් නැති බවත් එදිනට ආගමික කටයුතුවල යෙදෙන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කර තිබේ .
ඒ මහතා මේ බව පැවසුවේ අල්ලස් කොමිසමට ප්‍රකාශයක් ලබා දීම සඳහා ඊයේ (28) පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
එහිදී හිටපු ජනාධිපතිවරයා සදහන් කළේ මෙවන් අදහසක්
”උමා ඔය ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ඇතිවූ ප්‍රශ්න සම්බන්ධයෙන් ඇති වෙලා තිබුණු මුදල් ගෙවීම් වැනි කාරණා පිළිබඳ සාකච්ඡාවකට මෙහි පැමිණියා. රාජපක්ෂ ආණ්ඩුු කාලයේ ආරම්භ කළ උමා ඔය ව්‍යාපෘතිය 2015 ජනපති ධුරයට පත් වූ පසු නැවත මම භාර ගත්තා. එය යුද්ධයක් ඇති රටක් භාර ගත්තා වගේ. අවට ප්‍රදේශ රැසක ළිං ජලය නැති වී යෑම, මාර්ග පුපුරා කඩා වැටීම, පාරම්පරික නිවෙස් කඩා වැටීම, බිත්ති පිපිරීම වැනි හානි නිසා විශාල ජනතා උද්ඝෝෂණයක් ඇති වුණා. එය විමර්ශනය කිරීමට ගිය ඇමැතිව ද ජනතාව හිර කරගෙන සිටියදී මම මුදා ගත්තා. උමා ඔය මුලින්ම ආරම්භ කළේ ඉරාන රජයෙන් මෙරටට ණයක් ලැබීමෙන්.
ඒ ණය දෙන අතරමඟ කාලයේදී ඉරානයට අමෙරිකාව සම්බාධක පැනවූවා මේ සඳහා මුදල් යොදවන්න එපා කියලා. ඒ නිසා ඩොලර් නොමැති වීම හේතුකොට ගෙන අපේ භාණ්ඩාගාරයේ මුදලින් ව්‍යාපෘතිය කිරීමට සිදු වුණා. ඒ නිසා ව්‍යාපෘතියට වැඩි කාලයක් ගියා. එලෙස දීර්ඝ වීම සමඟ මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට වැය වූ ගෙවීම් සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට ප්‍රකාශයක් දීම අද දිනයේ සිදු වුණා. මේ සම්බන්ධයෙන් වංචාවක් සිදු වී යැයි මට පිළිගන්න බැහැ.
එමෙන්ම එම ප්‍රදේශයේ බරපතළව ඇති වූ උද්ඝෝෂණ නිසා එහි කාර්යයේ නිරත වූ ඉංජිනේරුවරුන් පවා ඊට යෑමට අකමැති වුණා. එනිසා එම ඉංජිනේරුවරුන්ට වැඩි දීමනා ලබා දීමටත් සිදු වුණා. ඒ සියල්ල මුදල් අමාත්‍යවරයාගේ එකඟතාව මත කැබිනට් තීන්දු ලෙසයි සිදු කළේ. සාමාන්‍යයෙන් මෙවැනි දෙයක් පිළිබඳව ලිපි ගොනු නොබලා චෝදනා කිරීම වැරදියි.”