හිටපු ජනපති මෛත්‍රීගෙන් අනුරට පිළිතුරු..

By Sithumi May 03, 2022 12:04 PM GMT
Sithumi

Sithumi

Report

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔහුගේ පවුලේ අයට අද (03) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතිචාර දක්වා තිබෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුද්ගලික ලේකම් වන සමීර ද සිල්වා විසින් එම ලිපිය නිකුත් කර ඇති අතර හිටපු ජනාධිපතිවරයාගේ නිල ෆේස්බුක් පිටුවේද එය පළකර තිබෙනවා. 

එහි දැක්වෙන්නේ, මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ කරුනු ඉදිරිපත් කිරීමේදී එවකට ජනාධිපතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එම පවුලේ උදවිය හට මහ බැංකු බැඳුම්කර වංචාවෙන් සොරාගත් මුදල්වලින් යම් කොටසක් බෙදාදුන් බවට දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් කරන ලද චෝදනාව තරයේ පිළිකුලෙන් යුතුව හෙලා දකින බවයි. දේශපාලන වාසි තකා පදනම් විරහිතව නිරිදෝශී පුද්ගලයන් හට චෝදනා එල්ල කිරීම සදාචාරාත්මක දේශපාලන ක්‍රියාවක් නොවන බවද ඉන් පෙන්වා දෙනවා.

ඉදිරියේදී මෙම ද්වේශසහගත ප්‍රකාශය සම්බන්ධව ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවද අදාළ ලිපියෙන් දැනුම්දී තිබෙනවා . ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පදනම් ආයතනයේදී අද (03) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය සිදුකර තිබුණා. එම සම්පූර්ණ ලිපිය පහතින්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery