ඇමෙරිකාවේ සිට කෙළින්ම ලංකාවේ දේශපාලනයට - මහින්ද සමරසිංහට රජයෙන් ලැබෙන්න යන අලුත්ම තනතුර මෙන්න
By Aylin Zoya
එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරන හිටපු අමාත්‍ය මහින්ද සමරසිංග සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව රජයට නිල වශයෙන් දැනුම් දී තිබේ.
ඔහුගේ තානාපති ධුර කාලය ලබන ජූලි මාසයෙන් අවසන් වීමට නියමිතව තිබියදී මෙම ඉල්ලා අස්වීම සිදු කර ඇති බව වාර්තා වේ.
රජය ඔහුගේ සේවය ඉදිරියටත් දේශපාලනික වශයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි.
දශක ගණනාවක් මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති ඔහු 2021 වසරේදී සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී විදේශ සේවයට එක්විය. ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුද සමයේ සිට මේ දක්වා ඔහු තානාපතිවරයකු ලෙස ඉටුකළ සේවය කැපී පෙනෙන බවද වාර්තා වේ.