වෙසක් බලන්න යන්න කලින් මේක කියවන්න - පොලිසියෙන් මහජනතාවට හදිසි නිවේදනයක්

Report

වෙසක් සමය තුළ ආගමික කටයුතුවල නිරත වන අවස්ථාවලදී තමන් සතු රන් ආභරණ ඇතුළු වටිනා භාණ්ඩ සොරුන්ගෙන් ආරක්ෂා කරගන්නා ලෙස පොලිසිය මහජනතාව වෙත දැනුම් දී ඇත.

වෙසක් උත්සව කාලසීමාව තුළ සාමය හා පූජනීයත්වය රැකගනිමින් ආගමික කටයුතු පවත්වාගෙන යාම සඳහා විශේෂ කරුණු කිහිපයකට අවධානය යොමු කරන ලෙසද පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඔළුබක්කන් නැටීම, මුහුණු ආවරණ පැලඳ විකාර රූපීව හැසිරීම, අන් අයට බාධාවන අයුරින් අධික ශබ්දයෙන් නළා වාදනය කිරීම වැනි ක්‍රියා වලින් වළකින ලෙසත්, දන්සල් හා තොරණ අසල අධික ශබ්දයෙන් සංගීතය හෝ උත්සවයට නොගැළපෙන ගීත ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙසත් පොලිසිය දැනුම් දී ඇත.

බැරලය ඩොලර් 69 සිට 114 දක්වා පනියි - පෙට්‍රල් සහ ඩීසල් මිල අද සිට නැවතත් වෙනස් වෙයි

බැරලය ඩොලර් 69 සිට 114 දක්වා පනියි - පෙට්‍රල් සහ ඩීසල් මිල අද සිට නැවතත් වෙනස් වෙයි

එමෙන්ම ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයේදී අන් අයට බාධා නොවන පරිදි නීත්‍යනුකූල ක්‍රමවේදය අනුව අවසර ලබා කටයුතු කරන ලෙසද උපදෙස් ලබා දී තිබේ.

වෙසක් සමයේ විහාරස්ථාන, තොරණ, පහන් කූඩු ප්‍රදර්ශන, බැති ගී සංදර්ශන සහ දන්සල් වෙත විශාල ජනතාවක් එක්රැස් වන බැවින් රථවාහන තදබදය අවම කරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී ඇති බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ලග්න කිහිපයකට අද අත මිට සරු වෙන සුභ දවසක් - මෙන්න අද ලග්න පලාඵලය

ලග්න කිහිපයකට අද අත මිට සරු වෙන සුභ දවසක් - මෙන්න අද ලග්න පලාඵලය

වාහන හිමිකරුවන්ට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හදිසි නියෝගයක් - ජුනි 30ට පෙර මේ දේ කරන්න

වාහන හිමිකරුවන්ට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හදිසි නියෝගයක් - ජුනි 30ට පෙර මේ දේ කරන්න