හිටපු ජනපති මහින්ද සනත් නිශාන්තගේ නිවසට යයි - බිරිඳ හා සංවේදීව කී දේ..(VIDEO)

Report

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අභාවප්‍රාප්ත වූ සනත් නිශාන්ත මහතාගේ නිවසට ගොස් තිබෙනවා. එහිදී ඔහු එතුමාගේ බිරිඳ හා සංවේදී ව ශෝකය ප්‍රකාශ කරා.

එම අවස්ථාවේ දර්ශන පහත වීඩියෝවෙන්...

මේ අතර,  අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 28 වන ඉරිදා සිදුකිරීමට සැලසුම් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ, ආරච්චිකට්ටුව ප්‍රදේශයේ දී අවසන් කටයුතු සිදුකිරීමට සැලසුම්කර ඇති බවය.

සනත් නිශාන්ත මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා අද පස්වරු 5.30 බොරැල්ලේ ජයරත්න මල්ශාලාවට රැගෙන එන අතර දේහය හෙට (26) පෙරවරු 10.30ට පුත්තලමේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන යනු ඇත.

Sponsored By Sarrita Jewellery

හිටපු ජනපති මහින්ද සනත් නිශාන්තගේ නිවසට යයි - බිරිඳ හා සංවේදීව කී දේ..(VIDEO) | Mahinda Rajapaksha Visit Sanath Nishantha Home