නොනවත්වා තිරුපති ගිය මහින්ද මෙවර ගෙදර ඉඳන් ආශිර්වාද ගත් හැටි.

Mahinda Rajapaksa
By Wayomi Dec 30, 2022 01:05 PM GMT
Wayomi

Wayomi

Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සෑම වර්ෂයකම අවසානයේදී ඉන්දියාවේ තිරුපති කෝවිලට වන්දනාවේ යාම සිරිතකි.

නමුත් මෙවර සෞඛ්‍ය හේතුන් මත ඔහුට තිරුපති වැඳ ගැනීම සඳහා පිටත්වීමට නොහැකි වී තිබෙනවා.

තමන්ට තිරුපති යාමට නොහැකි වුවත් මහින්ද වාර්ෂිකව දෙවියන් උදෙසා සිදු කරන පූජාවනම් අතනොහැර සිදුකර ගත් බවයි වාර්තා වන්නේ.

මෙවර ඔහු තිරුපති පූජාව නිවසේ සිටම සිදු කරගතේ හරි අපූරු ක්‍රමයකටය.

මහින්ද තමන්ට අතිශය හිතවත් දෙමළ ව්‍යාපාරිකයකු අත තිරුපති දෙවොල වෙත දිව්‍ය පඬුරු මෙන්ම තුලසි කොළවලින් සකස් කළ අඩි 7ක් දිග මාලාවක්ද පිටත් කර හැරීය.

අදාළ ව්‍යාපාරිකයා තිරුපති වෙත ගොස් මහින්දට සෙත් පතා පූජාවක්ද සිදු කර ඇති බව වාර්තා වෙනවා.

- gossiplankanews -