අගමැති ඉවත් වෙන්න සූදානම්.!! ජනපති තීරණය කරයි?
අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතු බවට ජනාධිපතිවරයා පවසන්නේ නම් තමන් ඉල්ලා අස්වී විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇතැයි මාධ්‍ය වාර්තා පළවනවා.
අග‍්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉවත් වීම සුදුසු යයි ජනාධිපතිවරයා විසින් කරන ලද යෝජනාවකින් පසු අගමැතිවරයා ඉවත්වීමට සූදානම් බව පවසා ඇතැයි සදහන්වේ.
රාජපක්ෂ පවුලේ සාමාජිකයන් පමණක් සහභාගිත්වයෙන් ඊයේ මධ්‍යම රාත‍්‍රිය වන තෙක් පැවති සාකච්ඡාවේදී මේ බව පවසා ඇති බවද එම වාර්තාවන් කියයි.
සාකච්ඡාවට ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ චමල් රාජපක්ෂ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් සහභාගි වී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |