මාලිමාවෙන්, මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අඩු කරල ද?. එතකොට වාහනත් එක්ක විශ්‍රාම වැටුප.. තීරණය මෙන්න..(PHOTO)

Mahinda Rajapaksa Sri Lanka Politician Latest Headlines Decision Making
By krishani Nov 01, 2024 01:25 PM GMT
krishani

krishani

Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කර ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබෙනවා.

එම සියලු වාර්තා අසත්‍ය බවත්, 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට අනුව ජනාධිපති කාර්යාලය මගින් ඔහුට පහත ප්‍රතිලාභ ලබා දී තිබෙන බවත් ජනාධිපති කාර්යාලය දැනුම් දෙයි.

ජනපති නියමයෙන්.. වහාම මාලිමා ආණ්ඩුවේ.. තවත් ප්‍රධාන නව පත් කිරිමක් මෙන්න.. (PHOTOS)

ජනපති නියමයෙන්.. වහාම මාලිමා ආණ්ඩුවේ.. තවත් ප්‍රධාන නව පත් කිරිමක් මෙන්න.. (PHOTOS)


ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට හිමි විශ්‍රාම වැටුප හිමි වන අතර කොළඹ 07 විජේරාම මාවතේ නිල නිවස සහ ලේකම් දීමනාව ඔහුට හිමි වේ.

එමෙන්ම දැනට වාහන 03 ක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී ඇති අතර Mercedes Benz -600 maybatch (B/P) car 2008, Toyota Land Cruiser 2017, Mercedes Benz G63 AMG 4*4 2850 jeep 2013 යන වාහන 03 ඔහු වෙනුවෙන් වෙන් කර තිබේ.

ඒ සඳහා මාසික ඉන්ධන දීමනාව ලෙස ලීටර් 1950 ලබා දෙන අතර එම වාහන සඳහා රියදුරන් තිදෙනෙකු නිදහස් කර තිබෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය ආරක්ෂාව සැපයීම ආරක්ෂක අමාත්‍යංශය හා මහජන ආරක්ෂක අමාත්‍යංශය මගින් සිදු කරනු ලබයි.

දෙයියනේ මේ මොකක්ද වුණේ?. පාසලක ආහාර වේලක් ගන්න ගිහින්.. වුණ දෙයකින්.. දරුවන් 13ක් රෝහලේ..

දෙයියනේ මේ මොකක්ද වුණේ?. පාසලක ආහාර වේලක් ගන්න ගිහින්.. වුණ දෙයකින්.. දරුවන් 13ක් රෝහලේ..


ඒ වෙනුවෙන් දැනට සේවයේ නියතු යුද හමුදා හා නාවික හමුදා සෙබලුන්ට අමතරව පොලිස් නිලධාරීන් 180 දෙනෙක් යොදවා ඇති අතර ඒ අතර පොලිස් රියදුරන් 29 දෙනෙක් සිටිති.

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව ඇගයීම සඳහා මේ වන විට කැබිනට් අනු කමිටුවක් ද පත් කර ඇති අතර එම කමිටුවේ නිර්දේශ අනුව ඉදිරියේ දී මේ සම්බන්ධව තීන්දු තීරණ ගැනීමට සහ කටයුතු කිරීමට නියමිතය.

කෙසේ වෙතත්, ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින් දැක් වේ,


Gallery
ReeCha